Ads 468x60px

Tuesday, April 11, 2017

වැඩියෙනුත් අඩුවෙනුත් හොඳ නැති නින්ද

කාර්ය බහුල එදිනෙදා ජිවිතයක් ගත කරන බොහෝ දෙනෙක්ට නිසි ලෙස සුවබර නින්දක් ලැබීම තරමක් අපහසු නිසා සති අන්තය පැමිණෙන තෙක් බලා සිටින්නේ සතියේ වැඩ කරන දින වල නිසි පරිදි නිදා ගැනීමට නොහැකි වුවා නම් ඒ මගහැරුණු පැය ගණනත් ආවරණය කරමින් ම නිදා ගැනීමටයි. නමුත් මේ පුරුද්ද ගැන යලිත් වරක් සිතා බැලිය යුතු බව නවතම සමීක්ෂණ වාර්තා වලින් අවධාරණය කර සිටිනවා.

අපි හැමෝම දන්නා දෙයක් තමයි දීර්ග කාලීනව නිසි පරිදි නින්දක් නොලැබීම නිසා ශරීරය තරබාරු වීම, හදවත් රෝග , විශාදය වගේම අකල් මරණ වලට ගොදුරු වීමේ අවදානමත් ඉහල යන බව. ඒවගේම නවතම සමීක්ෂණ වලින් පෙන්වන ආකාරයට පමණට වඩා නිදා ගැනීම නිසාත් මෙවැනිම රෝග වලට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා.
2016 වසරේ දී ජාත්‍යන්තර හෘදවේදය පිලිබඳ සඟරාවේ තායිවාන ජාතික වැඩිහිටියන් 400,000ක් පමණ යොදාගනිමින් සිදුකෙරුණු සමීක්ෂණයක ප්‍රතිපල පල කෙරෙන්නට වුනා. එයට අනුව සාමාන්‍යයෙන් පැය 6 ත් 8 ත් අතර නිදාගන්න පුද්ගලයන්ට සාපේක්ෂව රාත්‍රී කාලයේ පැය 4ක් හෝ ඊට අඩුවෙන් නිදා ගන්න පුද්ගලයන් හදවත් රෝගවලින් මියයාමේ සම්භාවිතාව 34% කින් ඉහල බව හෙලිකෙරුනා. ඒවගේම පැය 8කට වඩා නින්ද ලබන පුද්ගලයන් ? ඔවුන්ගේ ත් මේ අවදානම 35% ක පමණ අගයක් ගන්නවා. 2015 වසරේ ස්නායුවේදය ගැන සිදුකෙරුණු සමීක්ෂණයකින් හෙළි කෙරුනේ ඔවුනට ආඝාතය වැනි රෝග තත්ත්ව සහ දෙවන ගනයේ දියවැඩියාව වැළඳීමේ ඉහල අවදානමක් පවතින බවයි.
ඒ වුනාට කෙනෙක් ට මෙහෙම හිතෙන්න පුළුවන්. මේ දේවල් මෙහෙම ගලපුනාට ඇතැම් විට යම් පුද්ගලයෙකුගේ රෝගී තත්වයක් නිසා ඔහු වැඩි පුර නිදා ගන්න අතරම එය පමණට වඩා නිදාගැනීම නිසා සිදුවන දෙයක් නොවන බවට. මේ තර්කය ගැන විද්‍යාඥයන් 2014 වසරේ දී අධනයක් සිදු කළා. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ නිවුන් පුද්ගලයන් 900ක්. එහිදී ඔවුන් ජාන මගින් සහ අවට පරිසරය මගින් විශාදය වැනි රෝගී තත්ත්ව කෙරෙහි ඇති කරන බලපෑම වගේම එය නින්ද සමඟ කෙසේ වෙනස් වන්නේ දැයි සොයා බලන්නට වුනා. පර්යේෂණ වලදී පෙනීගියේ විශාදය වැනි රෝගයක් ජානමය වශයෙන් සාමාන්‍ය පැය 6 – 8 ක පමණ කාලයක් නිදා ගන්න පුද්ගලයකුට ඇති කරන බලපෑම 27% පමණ බවත් අඩුවෙන් හෝ වැඩියෙන් නින්ද ලබන පුද්ගලයන් තුල මේ ජාන වල බලපෑම 50% ඉක්මවන බවයි. එයින් පැහැදිලි වන්නේ නින්ද මගින් ජාන වල ක්‍රියාකාරිත්වයට ත් බලපෑම් ඇති කරන බවයි.
මේ නිසා සෑම කෙනෙක් ම තමන්ගේ වයස් සීමාවට සරිලන පරිදි නින්දක් ලැබීම ඉතාමත් වැදගත්. ඔබ නින්දෙන් අවදි වන විට ගතට කිසිඳු විඩාවක් නොදැනී පහසුවක් දැනෙනවා නම් ඔබ ලබාගත් නින්ද ඔබට ප්‍රමාණවත් බව ඔබටම දැනගැනීමට පුළුවන්. පුද්ගලයාගෙන් පුද්ගලයාට නිදාගන්න පැය ගණන වෙනස් වුවත් සාමාන්‍ය වැඩිහිට්යෙකුට පැය 6 ත් 8 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව පිළිගැනෙනවා. මේ නිසා හැකි සෑම අවස්ථාවකම වේලාසනින් නින්දට ගොස් උදෑසන අවදි වීම ඔබේ ජිවිතයේ පුරුද්දක් බවට පත්කරගන්න උත්සාහ කරන්න. එමගින් ඔබට නිරෝගී දිවියකට මග සැලසෙනු ඇත.

PUNSADA WEB ....................!

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න