Ads 468x60px

Tuesday, July 5, 2016

නවතම පර්යේෂණයකින් ඝන අඳුරේදී පෙනීම ලබා ගනියි

මෙය යම් කිසි විද්‍යා ප්‍රබන්ධයක කොටසක් ලෙස ඔබට හැඟී යන්නට පුළුවන්. නමුත් මේ පර්යේෂණ පවත්වන කණ්ඩායම ජීවත් වන්නේ කැලිෆෝර්නියාවේ. Night Vision එහෙමත් නැත්තම් අඳුරේදී පැහැදිලිව පෙනීමට ඔවුන් ඇසට දැමීමට දියරයක් සොයාගත්තා.
මෙමගින් තාවකාලිකව අඳුරේදී පැහැදිලිව දැකීමට හැකියාවක් ලැබෙනවා. මෙහිදී භාවිත කරන රසායනික ද්‍රව්‍ය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර මෙය නිවසේදී අත් හදා බැලීම එතරම් සුදුසු යැයි අප පවසන්නේ නැත.
මේ eye drop එක සෑදීමට ඔවුන් භාවිතා කල ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ක්ලෝරීන් e6 නමැති සංයෝගයයි.එය අපට හමුවන්නේ ගැඹුරු මුහුදේ ජීවත් වන සතුන් තුලයි. එමගින් ඔවුනට අඳුරේදී තම ගමන් මග සොයා ගැනීමට උපකාර වනවා. ඒ අතරම ඒ සංයෝගය රාත්‍රී කාලයේ පෙනීම අඩු පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට ද යොදා ගන්නවා.
මේ Ce 6 නම් සංයෝගය සේලයින් දියරය සමග මුසු කොට ඉතා පැහැදිලිව රාත්‍රී කාලයේ දසුන් පැය කිහිපයකට නැරඹිය හැකි බව ඔවුන් පවසනවා. මෙය ඇසේ එලියට ලබා දෙන අතර එය දෘෂ්ටි විතානය දක්වා උරාගැනෙනවා. ඉන්පසු ඔවුන් මේ සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වූ ගේබ්‍රියල් ලිසිනාට නොයෙක් පසුබිම් වල නොයෙක් දුරවල් වලින් පිහිටි වස්තුන් හඳුනාගැනීමට ඉඩ සැලසුවා. තවද ඔහුට අවු කන්නාඩි පළඳවා ස්වභාවික එලිය අවම තත්ත්ව වල පුද්ගලයන් හඳුනා ගැනීමට සැලසුවා. ඔහුට අන්දකාරයෙන් වෙලුනු වනයකදී මීටර 50ක දුරකින් සිටි පුද්ගලයන් පැහැදිලිව හඳුනාගැනීමට හැකි වුනා.
පර්යේෂකයන් පවසන අන්දමට මේ දියරය භාවිත කල පුද්ගලයන් මෙය භාවිත නොකළ පුද්ගලයන්ට වඩා සාර්ථක ප්‍රතිපල පෙන්වා තිබෙනවා. මේ පිළිබඳව ඔවුන් වැඩි දුර පර්යේෂණ කිරීමට බලාපොරොත්තු වන අතර මෙය භාවිත කල පුද්ගලයා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවට වාර්තා වනවා.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න