Ads 468x60px

Tuesday, September 6, 2016

ආවර්තිතා වගුවේ 7ත් වන පේළිය ත් සම්පුර්ණ වෙයි

නව මුලද්‍රව්‍ය කහ පාටින් පෙන්වා ඇත.
විද්‍යාඥයන් කාලයක් පුරාවට පර්යේෂණ සිදුකරමින් අනාවරණය කරගෙන තිබුනේ තවත් මුලද්‍රව්‍ය කිහිපයක් ආවර්තිතා වගුවට ඇතුලත් කල හැකි බවයි.
නමුත් මේ මුලද්‍රව්‍ය නිලවශයෙන් සොයාගැනීමට ඔවුන්ට හැකිවුණේ නෑ. ඉතින් මේ නව මුලද්‍රව්‍ය නිලවශයෙන් සොයාගැනීමට විද්‍යාඥයන් කණ්ඩාමක් දැන් සමත්වෙලා තියනවා. මේ හින්දා අවර්තිතා වගුවේ 7 වන ආවර්තය සම්පුර්ණ වන බව පැවසෙනවා.
මෙලෙස සොයා ගැනුණු මුලද්‍රව්‍ය අතර අවර්තිතා වගුවේ 113, 115, 117, සහ 118 යන ස්ථාන වලට අයත් මුලද්‍රව්‍ය වනවා. මේවා පිළිවෙලින් Uut, Uup, Uus, සහ Uuo ලෙස වර්තමානයේ සැලකුනත් මේ නව සොයාගැනීමත් සමඟ මේවායේ නම් වෙනස් වීමකට ලක්වෙනවා. වර්තමාන ආවර්තිතා වගුව පෙළගස්වා තිබෙන්නේ පරමාණු ක්‍රමාංකය ට බව ඔබ දන්නවා ඇති. එනම් යම්කිසි පරමාණුවක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවයි. මේ නව සොයාගැනීම සඳහා රුසියාව, ඇමෙරිකාව සහ ජපානය වැනි රටවල් වල විද්‍යාඥයන් පිරිසක් සම්බන්ධ වෙලා තියනවා. 113 වන මුලද්‍රව්‍යය සොයාගැනීම සඳහා ගෞරවය හිමිවන්නේ ජපානයේ RIKEN ආයතනයේ විද්‍යාඥයන් පිරිසකටයි. ඒ නිසා මේ මුලද්‍රව්‍ය Japanium ලෙස නම් කෙරෙනු ඇති බවට බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

මේ සොයාගැනීම් IUPAC සංගමය (International Union of Pure and Applied Chemistry) විසින් පසුගිය දෙසැම්බර් 30 වන දා අනුමත තිබෙනවා. ඒ අතරම මේවා නම් කිරීමේ අවස්ථාව මේ මුලද්‍රව්‍ය සොයාගැනීමට කටයුතු කල පුද්ගලයන් ට ලැබෙනවා.
මේ මුලද්‍රව්‍ය ස්වාභාවික ව පරිසරයේ දී අපිට හමු නොවන අතර පර්යේෂණාගාර වලදී පමණක් නිර්මාණය කිරීමට පුළුවන්. මේවා පවතින්නේ තත්පරයකටත් වඩා බොහොම අඩු කාලයක්.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න