Ads 468x60px

Friday, February 10, 2017

මේ අපූරු දුරකථනය එහි හිමිකරුට හැරෙන්නට පිට අයට notifications පෙන්නනේ නෑලු !

මේ අපූරු දුරකථනය පසුගිය සතියේ එළිදැක්වූයේ Huawei නම් චීන සමාගම. අනාගතයෙන් පැමිණි දුරකතනයක් ලෙස සමාගම විසින් හඳුන්වාදෙන මේ දුරකථනය නමින් Honor Magic.
මෙය බැලු බැල්මටම අපූරු නිමාවකින් සහ නවතම හැඩයකින් යුක්තයි. සමාගම් වෙබ් අඩවියට පිවිසෙන ඔබට මේ දුරකථන පිළිබඳව වැඩි දුර තොරතුරු ලබාගැනීමට හැකිවුනත් ගැටළුවක් වන්නේ ඒ සෑම දෙයක්ම චීන භාෂාවෙන් තිබීමයි. කෙසේ නමුත් දුරකතනයේ අන්තර්ගතය ගැන කතා කලොත් මෙහි අඟල් 5ක AMOLED තිරයක්, මෙගාපික්සල් 12ක ද්විත්ව පසුපස කැමරාවක්, මෙගාපික්සල් 8ක ඉදිරිපස කැමරාවක් , Huawei Kirin 950 ප්‍රොසෙසරයක් , 2,900mAh බැටරියක් වගේම 64GB මතයක් සහ 4GB RAM එකක් අන්තර්ගත වනවා. මේ දුරකතනය golden black සහ porcelain white කියන වර්ණ දෙකෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ දුරකතනයේ fingerprint scanner එකක් ද අන්තර්ගතයි.


කොහොමහරි මේ දුරකතනය ගැන කතා කරන කොට අමතක කරන්න බැරිම පහසුකමක් තමයි ලිපියේ මාතෘකාව විදියට දක්වලා තියෙන්නේ. අපි දැන් බලමු ඒ මොකක් ද කියලා. මේ දුරකතනයේ අඩංගු වන “WiseScreen” කියන තාක්ෂනය දුරකතනයේ ඉදිරිපස ඇති කැමරාව සංවේදක වගේම IR සංවේදකය උපයෝගී කරගෙන දුරකතනය අතදරා සිටින පුද්ගලයාගේ අත් සහ දෑස් හඳුනාගැනීමක ට ලක්කරනවා. ඒ වගේම මෙහි අඩංගු “FaceCode Intelligent Recognition” කියන පහසුකම මගින් දුරකථනය අත දරා සිටින පුද්ගලයා අනුව දුරකථන තිරයේ දිස්විය යුතු notification පිළිබඳව තීරණය කරනවා. ඒ කියන්නේ ඔබ කවුරුන් හෝ සමඟ හොරෙන් පණිවිඩ හුවමාරු කරමින් සිටින අවස්තාවක ඔබගේ මවට මේ දුරකථනය හසුවුනත් එය ලොක් කර තිබේ නම් අදාළ පණිවිඩ ලැබීමේ notification කිසිවක් ඇයට දැකගන්නට නොලැබෙන බවයි.
මේ දුරකථනය Android 6.0 මගින් පණගැන්වෙනවා. සමාගම පවසන ආකාරයට මේ දුරකතනයට ඔබ වාහනයක ගමන් කරන බව පවා ස්වයන්ක්‍රියව හඳුනාගැනීමේ හැකියාව පවතිනවා. මොනවා වුනත් මේ දුරකථනය අපේ අතටම ගෙන බලන තුරු මෙහි පැවසෙන තාක්ෂනය කෙතරම් දුරට සාර්ථක දැයි පැවසීම අපහසු බවත් මතක් කරන්නට කැමතියි.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න