Ads 468x60px

Wednesday, October 11, 2017

ඔබගේ රැකියාව ගැන අසතුටෙන් පසුවනවාද ? මේ ලිපිය ඔබටයි

අපි ගොඩක් දෙනෙක් ගේ ආසාව එහෙමත් නැතිනම් සිහිනය තමයි ජිවත් වෙලා ඉන්න හොඳ රැකියාවක් කරන එක. පාසල් කාලය නිමකරලා විවිධ විභාග රාශියකට පෙනී සිටලා විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරලා උපාධි ලබාගෙන මේ හැම දෙයකින්ම අවසානයේ අපේක්ෂා කරන්නේ හොඳ ගෞරවාන්විත රැකියාවක් කිරීමයි.
එයින් ලැබෙන ආත්ම තෘප්තියක් ද නැතුවා ම නොවෙයි. නමුත් කුඩා කල පටන්ම තමන් මේ රැකියාව කරනවා අර රැකියාව කරනවා කියලා සිහින දකින ගොඩක් දෙනෙක් අවසානයේ කුමන හෝ අංශයක සේවය කිරීමට පටන් ගෙන ටික කාලයක් ගත වෙන කොට මුහුණ දෙන එක ගැටළුවක් තමයි රැකියාවට පෙර තිබු ආසාව අඩුවෙලා යන එක. එන්න එන්නම සේවා ස්ථානයේ වැඩ අධික වන බව ඔබට හැඟී යනු ඇත. ඒ සඳහා ඔබට නිසි ලෙස ගෙවීමක් සිදු කෙරුණත් ඇතැම් අවස්ථා වල ඔබට ඒ ඇති වන මානසික පීඩනය ඔබට ලැබෙන වේතනය එහා ගිය දෙයක් වන්න පුළුවන්. ඔබට ඔබේ රැකියාවෙන් පැවරෙන වගකීම් මානසික වදයක් සේ පෙනෙනවා නම් ඔබ බොහෝවිට බලා සිටින්නේ ඒ බරින් මිදී තරමක් නිදහසේ ගත කල හැකි සති අන්තයක් පැමිණෙන තුරුයි.
මේ විදියට ඔබ විඩාවට පත්වන ඔබේ රැකියා කටයුතු ඔබ බොහෝ විට සිදුකරන්නේ වායු සමනය කල සුවපහසු කාමර වල පරිගණක ඉදිරියේ වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා ද රැකියා නොමැති ඒ වගේම ඉතා දුෂ්කර ජිවිත අවදානම ඉහල ඔබට වඩා බොහෝ අඩු වේතන ලබන පිරිස් ද ඔබ අවට සිටින බව ? ඔබ මගතොටේ ගමන් ගන්නා අවස්ථා වල නොයෙක් දුෂ්කර රැකියා වල ගිනියම් අව්වේ මගතොටේ වෙහෙසෙන පිරිස් දැක ඇතිමුත් ඒ පිළිබඳව මොහොතක් සිතන්නට කාලය වැය කිරීමට යුහුසුළු නොවන්නට පුළුවන්. නමුත් ඒ බව ඔබට මොහොතක් හෝ පසක් වනවා නම් ඔබ සිදුකරන රැකියාව කෙතරම් අපූරු දැයි ඔබටම පසක් වනු ඇත. එවිට ඔබ කරන රැකියාව පීඩාකාරී යයි හැඟෙන හැම මොහොතකම ඒ සිතිවිල්ලෙන් මිදීමට මනා පිටිවහලක් වනු ඇත.
මේ ඔබට පෙනෙන මානයේම ඇති ඉතා දුෂ්කර වෙහෙසකර රැකියා පෙළක ඡායාරුප එකතුවක්.

                           මධ්‍යම ආසියාව


                  අධිබලැති විදුලි රැහැන් සවිකිරීම.



          මාස ගණන් මුහුදේ කල් ගෙවන නැවියන්


            කඳුකර ප්‍රදේශ වල සේවය කරන්නන්



                           පතල් කම්කරුවන්


                              ගිනිනිවන බටයන්


    උස ගොඩනැගිලි වල පිටත පිරිසිදු කරන පුද්ගලයන්


                  ඉන්ධන පතල් වල කම්කරුවන්


                       කුණු කාණු පවිත්‍ර කරන්නන්










0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න