Ads 468x60px

Thursday, July 7, 2016

Wi-Fi පමණක් ඇති ipad එකකින් ඔබේ සංචාරය වඩාත් විනෝදජනක එකක් කරගන්න


ජිවිතයේ කවදාක හෝ අපට කොහේ හරි සංචාරය කරන්න වෙනවා. එදිනෙදා ජිවිතේ ආතතියෙන් මිදෙන්න සමහරු දීර්ඝ නිවාඩු ලබාගන්නවා. අනෙක් අතට ව්‍යාපාරික සංචාරකයින් සංචාරය ඔවුන්ගේ ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ කොටසක්වි දියට දකිනවා.

ඔබේ සංචාරයන් වඩාත් විනෝදජනක එකක් බවට පත්කරගතහැකි  හැකි උපකරණයක් තියෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි ඇපල් සමාගමේ ඇපල් ipad. මේ ලෝකප්‍රකට සමාගම එළිදක්වා ඇති ටැබ්ලට් පරාසයෙන් අන්තර්ජාලය හරහා ස්ට්‍රීම්  කරන්න, ඊමේල් යවන්නත් ගෙන්වා ගන්නත්, සමාජ ජාල පිරික්සන්න වගේ හුඟක් දේවල් කරන්න පුළුවන්. මේ උපකරණ වලට ඇති අධික ඉල්ලුම නිසා මෙය ශ්‍රී ලංකාවේ බොහෝ තැන්වලත් Kaymu හෝ wow  වැනි අන්තර්ජාල වෙළදපොළවල් ඔස්සේ වට්ටම් සහිත මිලකට ලබාගන්න පුළුවන්. බොහෝ අවස්ථා වලදී සක්‍රිය වේගවත් Wi-Fi සම්බදතාවක් හොයාගන්න ලැබෙනේ නැහැ.  මෙවැනි අවස්ථාවල්දී ඔබේ Wi-Fi පමණක් ඇති ipad එක භාවිතාකර සිදුකරගන්න පුළුවන් දේවල් ටිකක් මේ.

ඔබේ කැමතිම සිංදු සහ චිත්‍රපට බාගත කරගන්න ඔබ ගුවන්යානයක යන විටත් කඳුකර පෙදෙසක දුම්රිය ගමනක යෙදෙන අතරත්ඔ බේ අයි ipad එක භාවිත කරනවා වෙන්න පුළුවන්.ඔබේ විනෝදාස්වාදයට සහ කාලය ගෙවාගැනීමට චිත්‍රපට හෝ මාලා නාට්‍ය බැලීම සංගීතයට සවන්දීම වගේ දේවල් කරන්න පුළුවන්.ඔබේ ගමනට පිටත් වෙන්න කලින් මේවා ඔබේ ටැබ්ලට්එ කට බාගත කරගන්න පුළුවන්.


අළුත්ම ච්ත්‍රපට ඔබට itunes හරහා ඔබේ ඔස්සේ බාගත කරගන්න පුළුවන්.චිත්‍රපට බාගත කරගැනීමට තරමක් වෙලා ගතවන නිසා කල්වේලා ඇතිව ඒ සදහා සුදානම් වෙන්න.

ගේම් එකක් සෙල්ලම් කරලා සතුටු වෙන්න ඕනෑම දෙයක් විඳින්න හොඳම විදියක් තමයි ගේම්ස් කියන්නේ. තනි තනිව (single player) හෝ පිරිසක් එකතු වෙලා (multi player) කරන ගේම්ස් වලට හුග දෙනෙක්කැ මතියි. ඔබේ ipad එකටත් මේවා බාගත කරගෙන යන යන තැන සෙල්ලම්කරන්න පුළුවන්. 


පිරිසක් එකතු වෙලා කරන ගේම්ස් වලදී ipad එක පැතලි ස්ථානයක තබා අනෙක්අ යටත් ඔබත් එක්ක සෙල්ලම් කරන්න අභියෝග කරන්න පුළුවන්.

පොත් කියවන්නන්ට වැදගත් දෙයක්අ න්තර්ජාලය හරහා පොත් කියවන්න ඔබට දැන් ලැප්ටොප් එකක්ම අවශ්‍ය වෙන්නේ නෑ. ipad සඳහාත් දැන් පොත් විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. විවිධාකාරයේ apps ඔස්සේ හෝ විවිධ වෙබ් අඩවි හරහා කෙලින්ම ඔබට පොත්බා ගත කරන්න පුළුවන්. ඔබ යන්න කලින් මේ දේ සිදුකලොත්  ඔබ හුඟක්ස තුටුවේවි.


ඔබ ඔබෙ සංචාරය විඳින විට පොඩිත්තන්ට කියවිය හැකි විනෝදකාමී පොත්ද ඔබට ලබාගන්න පුළුවන්.
ඔබේ ගමන සැලසුම් කරන්න සංචාරක apps භාවිතා කරන්න

අන්තර්ජාලය නැතිවුනත් වැඩ කරන්න පුළුවන් apps ගොඩක් තියෙනවා. ipad එකක් භාවිතා කරන විට ඇති වාසි තමයි අනෙක් උපකරණ වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් දැකගන්න පුළුවන්කම. සංචාරයන් අතරතුර දකින පුළුවන් දේවල් ගැන දැනගන්න වගේම දැක්ක දේවල් ලියා තබන්නත් මේ හරහා පුළුවන්. ව්‍යාපාරික චාරිකා වල නිරත්වෙන්නන්ට නොට් පෑඩ් හෝ රිමායින්ඩ්ර්ප හසුකම්  භාවිතා කර ඔවුන්ගේ හමුවීම් සහ පසුව කරන්නට ඇති වැඩ පෙළගස්වා ගන්න පුළුවන්.

ගූගල් මැප්ස් ඕෆ්ලයින් මොඩ් වලදී භාවිතා කරන්න 
ඔබට wifi පහසුකම නොමැති විටදී වුනත් ඔබේ ipad එක නගරයේ මඟ පෙන්වන්නෙක් විදියට භාවිත කරන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ ඔබ සංචාරය කරන්න කැමති නගරය තෝරාගෙන “save offline map” විදානය ලබදීමයි. මේ සිතියම ඔබට පසුව භාවිත කරන්න බාගත කරගන්නත් පුළුවන්.


(Author) Ayodhya Dahanayaka for Punsada Web

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න