Ads 468x60px

Thursday, July 27, 2017

ඔබට ඉක්මනින් තරහා යනවා ද ? එහෙනම් ඔබේ මොළයත් කුඩා විය හැක.

අපි හැමෝටම මොනයම් හේතුවක් නිසා හෝ තරහ යන එක සාමාන්‍ය දෙයක්. නමුත් අපි අතර සිටින සමහරක් දෙනෙක් ට අසාමාන්‍ය විදියට තරහ යන්න පුළුවන්. මෙසේ කිපිමට සමහර විට හේතුවක් ද නැති තරම්.
විද්‍යාඥයන් පිරිසක් විසින් මෑතක දී සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් IED (intermittent explosive disorder) සහ ඔවුන්ගේ මොලයේ ධුසර(grey matter) ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් පවතින බවයි. ඔවුන් විසින් කර ඇති පර්යේෂණ වලට අනුව ඔවුන්ට පෙනී ගොස් තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් ගේ මොළයේ හැඟීම් පාලනය කරන ප්‍රදේශ වල grey matter අඩු බවයි.


මෙය කුමක් නිසා සිදුවන්නේ දැයි නිශ්චිතව සොයාගෙන නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ. පර්යේෂකයන් කණ්ඩායම MRI ස්කෑන් වාර්තා 168ක් ඇසුරෙන් කල පර්යේෂණයක ප්‍රථිපලයක් ලෙස මේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ සඳහා යොදාගැනුණු පිරිස අතර IED තත්වයෙන් නොපෙළෙන පුද්ගලයන් සහ පාලක පරික්ෂන ලෙස යොදාගැනුණු 58 දෙනෙක් ද වුනා. ඔවුන් මේ පර්යේෂණයේ ප්‍රතිපල ඇසුරෙන් නිගමනයකට එළඹුණේ මොලයේ ඇති ධුසර ප්‍රමාණය සහ ප්‍රකෝපකාරී හැසිරීම අතර සම්බන්ධයක් පවතින බවයි.

ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ ඇතැම් පුද්ගලයන්ට නිතරම තරහ යාමේ ගතියක් පෙන්වන්නේ ඇතැම් විට ඔවුන්ගේ ගති පැවතුම් වල අඩුපාඩුවක් නිසා නොව ඔවුන්ගේ මොළයේ ඇති දුර්වලතාවයක් නිසා බව විය හැකි බවයි.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න