Ads 468x60px

Monday, September 11, 2017

මේ ජපන් ජාතික කලාකරුවෙක් වසර 5ක් පුරාවටම කරගෙන එන වැඩක් මේක.

ජපන් ජාතික චිත්‍ර ශිල්පියකු වන Tatsuya Tanaka (ටට්සුයා ටනාකා) මහතා තමයි මේ අපූරු වැඩේ කරගෙන යන්නේ. ඔහු තමන්ගේ නිර්මාණාත්මක චින්තනය උපරිමයටම නිවැරදිව යොදාගන්නා පුද්ගලයෙක්.
ඔහු පසුගිය වසර 5ක කාලය පුරාවටම තමන්ගේ නිර්මාණශීලි අදහස් කුඩා ප්‍රමාණයේ අනුරූ වලින් ගොඩනගන්නේ ඒ නිසා. කෑම වර්ග සහ එදිනෙදා ජිවිතයේ හමුවන නොයෙක් දෑ භාවිතා කරගෙන ඔහු දිනපතා යම් නිර්මාණයක් කරමින් එහි ඡායාරූපයක් අන්තර්ජාලයේ ඇති දින දර්ශනයකට එකතු කිරීමට කටයුතු කරයි.
” හැමෝටම ජිවිතේ එක වතාවක් හරි මේ වගේ දෙයක් කරන්න හිතිලා ඇති.” ටට්සුයා මහතා සිය “Miniature Calendar” නම් ව්‍යාපෘතිය අතරතුර සඳහන් කරනවා. ” බ්‍රොකලි සහ පාර්ස්ලි හරියට නිකන් කැලෑවක් වගේ , වතුරේ පාවෙන ගහක කොලයක් හරියට පුංචි බෝට්ටුවක් වගේ” සිය නිර්මාණාත්මක ඇසින් ලොව දකින ආකාරය ඔහු පවසා සිටියා.
                                මේ තියෙන්නේ එතුමා කරපු අපූරු නිර්මාණ වලින් කිහිපයක්.

























0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න