Ads 468x60px

Tuesday, July 5, 2016

ලෝකයේ මිනිස් අතකට බෙහෙවින් සමාන ආකාරයෙන් නිපදවා ඇති යාන්ත්‍රික අත මෙන්න

ලන්ඩන් නුවර ජිවත් වන අවුරුදු 29ක් වන Nicky Ashwell මෙලොව එලිය දකින මොහොතේ දකුණු අතක් පිහිටා තිබුනේ නෑ. පසුගිය දවසක ඇයට ලෝකයේ දැනට නිර්මාණය කර තිබෙන දියුණුතම රොබෝ තාක්ෂණයෙන් යුතු අතක් සවිකෙරුනා.




“BeBionic small” ලෙස හැඳින්වෙන මෙය යාන්ත්‍රික කොටස් 337කින් සමන්ට්විත වන අතරම අනෙක් නිර්මාණ වලට වඩා සිහින් බවයි. මෙහි නිෂ්පාදකයන් වන Steeper Group ආයතනය පවසන්නේ මෙය නිර්මාණය කිරීමේදී ප්‍රධාන වශයෙන් ඉලක්ක කෙරුනේ කාන්තාවන්, තරුණ දරුවන් සහ කුඩා ප්‍රමාණයේ ශරීර ඇති පුද්ගලයන් සඳහා බවයි.
මෙය නිර්මාණය කර තිබෙන්නේ Formula One තාක්ෂනය උපයෝගී කරගනිමින්. මෙය ඉතා සියුම් ලෙස නිර්මාණය කෙරුණු සැකිල්ලක් පාදක කරගනිමින් කුඩා උපාංග යොදාගනිමින් නිර්මාණය කර තිබේ. එක් එක් ඇඟිලි සඳහා වෙන වෙනම පාලනය කිරීම සඳහා මෝටර් යොදා තිබෙන අතර ඒවා අතේ මාංශ පේශි මඟින් හැසිරවෙනවා. ඒ වගේම සන්ධි ආශ්‍රිතව කාන්දම් යොදාගෙන තිබෙනවා. ( rare-earth magnets) ඒ වගේම මේ නිර්මාණයේ ස්වභාවික ගතිය වැඩි කිරීම සඳහා ඇඟිලි තුඩු වලට වායු බුබුළු ඇතුලත් කර තිබෙනවා.
මේ අත ඉතා සවිමත් වන අතර කිලෝග්‍රෑම් 45ක පමණ බලයක් දරා සිටීමේ හැකියාව පවතියි. ඒවගේම විවිධ ආකාරයේ ග්‍රහණය කරගැනීම් 14ක් සහ විවධ ඉරියව් පවත්වාගැනීමේ හැකියාවෙන් ද යුක්තයි. කෝච්චියේ ගමන් කිරීම, බයිසිකල් පැදීම වැනි ක්‍රියා මේ නිසා පහසුවෙන් සිදුකිරීමට අවස්ථාව සැලසෙයි.
” මටම පුදුමයි මම තනියම පොඩි පොඩි දේවල් ඔසවද්දී, මගේ අත්බෑගය වගේ දේවල් එක අතකින් අරන් අනිත් අතින් මගේ පෙම්වතාගේ අත අල්ලන් යන්න පුළුවන්. මම ආසයි මේ අතට. අනිත් අයගෙන් මේ අත වසන් කරන් යන්න මට අවශ්‍යතාවයක් නෑ. රොබෝ අතක් තියන එකත් නියමයි.” නිකී පවසා සිටියා.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න