Ads 468x60px

Saturday, April 30, 2016

දැන් පූසන්ට පාවිච්චි කරන්නත් ෆෝන් තියනවා නේ

අපේ ගෙවල් වල බල්ලෝ පූසෝ වගේ සුරතලයට ඇති කරන සත්තු ඉන්නවා නේ. සමහර වෙලවාට මේ අය හිටපු ගමන් පෙන්න නැතුව යනවා.
ගෙවල් ඇතුලෙම වගේ හැදෙන මේ වගේ සුරතල් එහෙම හිටි හැටියේම නැතුව ගියාම ගෙදර ඉන්න අය කලබල වෙන එක හේතුවක් තමයි මේ සතා පාර පැත්තට ගිහින් වාහනේකටවත් හැප්පෙයි ද කියලා. එහෙම නැත්තන් කවුරු හරි අරන් ගිහින් ද කියලා. කොහොම හරි මේ ප්‍රශ්න වලට කදිම විසඳුමක් ප්‍රංශ ජාතික සමාගමක් නිර්මාණය කරලා තියනවා.


ඔගොල්ලොන්ට තනිකමක් දැනුන වෙලාවට සුරතලාට කතා කරාට එයා ළඟ පාතක නෑ වගේනම් මේ අලුත්ම උපාංගය ඔබට ඔබේ සුරතලාව සොයාගැනීමට උදව් කරයි. ඇත්තටම මේ අලුත් උපකරණය GPS tracker එකක්. එය ග්‍රෑම් 25ක් පමණ බරැති උපකරණයක්. එහි මයික්‍රෆෝනයක් සහ ස්පීකරයක් ද අන්තර්ගතයි. ඒ වගේම මේ උපකරණය තුලට සිම්පතක් යෙදීමේ හැකියාව ද පවතිනවා. ඒ නිසා ඔබට ඔබේ සුරතලාට දුරකථන ඇමතුමක් ලබා දෙන්න පුළුවන්. මේ ඔබේ පූසාගේ කරපටියට සවිකරන්න පුළුවන්. ඒ වගේම මේ උපකරණය තිබෙන ස්ථානය ඔබේ ජංගම දුරකතනයේ ඇති app එකක් මගින් නිරීක්ෂණය කරන්නත් පුළුවන්. මේ සඳහා උපරිම දුර ප්‍රමාණයක් අවශ්‍ය නෑ. ඒ වගේම ඔබේ සුරතලා දිනපතා ගමන් ගන්නා ස්ථාන පිලිබඳ වාර්තාවක් ද ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.
මෙය නිර්මාණය කරලා තියෙන්නේ Weenect කියන සමාගමෙන්. මේ සමාගම මිට පෙර දරුවන් සිටින ස්ථානය දෙමාපියන්ට සොයාගැනීම පහසු කරන tracker උපකරණ නිර්මාණය කිරීමට ප්‍රසිද්ධියක් උසුලනවා. කොහොමහරි අපේ පුසෑ නැති වුණ වෙලාවකට වගේ නම් මේ උපකරණයෙන් වැඩක් ගන්න පුළුවන්. එක්කෝ ඌ ඉන්න තැන සොයාගන්න එහෙම නැතිනම් ඌව හොයාගන්න කෙනෙක් එක්ක සංවාදයේ යෙදෙන්න වගේ පුළුවන්.
ඉතින් මේ උපකරණය මිලදී ගන්න සමහරවිට ඔබටත් සිතෙනවා ඇති. හැබැයි මේ උපකරණය තාම නිලවශයෙන් වෙළඳපොළට නිකුත් වෙලා නෑ. හැබැයි පූර්ව අලෙවි කටයුතු ආරම්භ වෙලා තියන නිසා කලින්ම ඇණවුම් කරන්න පුළුවන්. මෙහි මිල රුපියල් 13,000ක් වගේ වෙනවා.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න