Ads 468x60px

Tuesday, July 4, 2017

Apple සමාගම Macbook සඳහා ෆුල් ටච් යතුරු පුවරු හඳුන්වා දීමට සැරසෙයි

pple සමාගම විසින් නිර්මාණය කරන Touch Pad වල ප්‍රමිතිය ඉතා ඉහල බව අවිවාදයෙන්ම පිළිගැනෙනවා. ඇපල් සමාගම වෙතින් ලැබෙන අලුත්ම තොරතුරු වලට අනුව ඔවුන් Macbook ලැප්ටොප් පරිගණක සඳහා යතුරු පුවරුවක් වෙනුවට විශාල touchpad එකක් භාවිතා කිරීමේ නව තාක්ෂණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. මේ සඳහා ඔවුන් අයදුම් කර තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ යි.

Apple සමාගම පවසන අන්දමට ඔවුන්ගේ මේ නව දත්ත ඇතුලත් කිරීමේ ක්‍රමය යතුරු පුවරුව මත අවම දුරක් ගමන් කරමින් දත්ත ඇතුලත් කිරීමේ පහසුකම සලසනවා. ඒ වගේම යතුරු පුවරුවේ ඇති අකුරු සහ අංක ආදිය තමාට කැමති ආකාරයට සකසා ගැනීමටත් ඉඩ සලසනු ඇති බවට පැවසෙනවා.

ඇපල් සමාගමට අනුව මේ නව යතුරු පුවරුවේ අකුරු ඇති ස්ථාන සොයාගැනීමට පහසු වන ලෙස අකුරු ඇති ස්ථාන වටා ආලෝකමත් වන අතර මෙය තනි පුවරුවක් ලෙස ඇති නිසා පරිගණකය තුලට දුහුවිලි ආදිය යාමෙන් වන හානි ද අවම කරගැනීමට හැකිවෙනවා.
මේ නව තාක්ෂනය තවත් වසර කිහිපයකින් ඔවුන්ගේ පරිගණක වල දැකගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් මෙවැනි තාක්ෂණයක් සහිත පරිගණකයක් භාවිතා කරන්නට ලැබුනොතින් නම් එය ඉතාමත් අපූරු අත්දැකීමක් වනු නියතයි.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න