Ads 468x60px

Monday, July 20, 2015

ඔබ ඉදිරියේ ඇති පරිගණක තිරයෙන් නොයෙක් වස්තු ඇදලා ගන්න පුළුවන් අලුත්ම තාක්ෂණයක් !

යුරෝපියානු පර්යේෂකයන් පිරිසක් සිදු කල පර්යේෂණයක පෙරළිකාර ප්‍රතිපලයක් ලෙස මේ නව තාක්ෂනය නිර්මාණය වී තිබෙනවා. මෙමගින් පරිගණකය භාවිතා කරන්නාට පරිගණක තිරය කැමති හැඩයකට සකස් කරගැනීමට ඉඩ සැලසෙනවා.




මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ GHOST කියලා. ඒකේ තේරුම වෙන්නේ Generic, Highly-Organic Shape-Changing Interfaces කියන එක. නිදහස් අවකාශයේ ඩිජිටල් හැඩතල මැවීමට මෙම තාක්ෂණයෙන් ඉඩකඩ සලසා දෙනු ලැබේ.
මේ වන විටත් මේ කණ්ඩායම මේ වර්ගයේ නොයෙකුත් හැඩය වෙනස් කල හැකි තිරවල ආකෘති නිර්මාණය කර තිබේ. ඒ අතර Emerge නම් නිර්මාණයෙන් තිරයෙන් පිටතට ඇඟිලි වල ආධාරයෙන් ස්ථම්භ ප්‍රස්තාර ඇදීමේ පහසුකම සලසයි. මේ අතර ඔවුන් නිර්මාණය කර ඇති Morphees නම් නිර්මාණය නම්‍යශීලි උපකරණයකි. එහි හැඩය අපගේ අවශ්‍යතාවයන්ට අනුව ස්වභාවයෙන් ම වෙනස් වන ආකාරයකින් නිර්මාණය කර තිබේ. උදාහරණයක් ලෙස රහස් අංකයක් තිරය මත ඇතුලත් කරන විට තිරය ඇදීමකට ලක්වී අපේ ඇඟිලි ආවරණය වන ආකාරයට සැකසෙයි.

                                          
මේ නිර්මාණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් GHOST ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක වන Copenhagen විශ්වවිද්‍යාලයේ Kasper Hornbæk මහතා පවසා සිටියේ තවත් වසර 5ක කාලයක් ගතවන විට මෙම නිර්මාණ ජනතාව අතට පත්වනු ඇති බවයි. පරිගණක , ජංගම දුරකථන, නිර්මාණ කිරීම ආදී වූ මේ සියල්ලම සඳහා මේ ක්‍රමවේදය භාවිතා වනු ඇතැයි කියා ඔවුන් අපේක්ෂා කරනවා.


0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න