Ads 468x60px

Tuesday, May 24, 2016

LG සමාගම හඳුන්වාදෙන මෝඩියුලර් තාක්ෂණය




LG සමාගම පසුගිය පෙබරවාරි මාසයේ පැවති MWC උළෙලේදී එළිදක්වන ලද ඔවුන්ගේ නවතම දුරකථනය වන LG G5 දුරකථනය බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත්වුණේ එහි ඇති අපූරු තාක්ෂනය නිසාමයි. දුරකථන ලෝකයට තවමත් නැවුම් දෙයක් වන මොඩියුලර් තාක්ෂනය මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණා. මොඩියුලර් තාක්ෂනය සරල ලෙස විස්තර කළහොත් එමගින් කෙරෙන්නේ ඔබේ ජංගම දුරකතනයට අමතර කොටස් සවිකිරීමෙන් එහි ක්‍රියාකාරිත්වය ඉහල දැමීමට හැකියාව ලබාදෙන තාක්ෂණයක්. අනෙකුත් සමාගම් සාමාන්‍ය අකාරයේ දුරකථන නිර්මාණය කරන විට LG සමාගම මේ නව තාක්ෂනය අත්හදා බැලීම කිසිවෙක් බලාපොරොත්තු නොවූ වෙනසක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. LG සමාගම ලබා දෙන මේ නවතම අත්දැකීම විඳගැනීමට LG පාරිභෝගිකයන් කෙසේ ඉදිරිපත් වේදැයි අපිට ඉදිරි කාලයේදී බලාගැනීමට පුළුවන්.

මේ නව තාක්ෂනය ඔවුන් අත්හදා බලන්නේ Samsung සමාගම ඔවුන්ගේ සුපිරි දුරකථන දෙකක් වන Galaxy S7 සහ Galaxy S7 Edge දුරකථන සමඟ කරට කර තරඟ කිරීමටයි. මේ මොඩියුලර් තාක්ෂනය මගින් ජංගම දුරකතනයේ පහසුකම් කිහිපයක්ම ඉහල දැමීමට හැකියාව ලැබෙනවා.

කැමරාව සමඟ ක්‍රියාකළ හැකි මොඩියුලයක් මගින් කැමරාව පහසුවෙන් හැසිරවීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම බැටරියේ ප්‍රමාණයත් විශාල කරගැනීමට හැකිවනවා. තවත් මොඩියුලයක් මගින් දුරකතනයේ ස්පිකරයේ හඬ වැඩිදියුණු කිරීමට හැකිවනවා. මේ මොඩියුලර් ඔවුන්ගේ සමාගමෙන් ඉදිරිපත් කරන නවීන දුරකථන සඳහා අනාගතයේදීත් භාවිතා කිරීමට හැකි වේ දැයි ඔවුන් මෙතෙක් සඳහන් කර නැහැ. ඒ වගේම මේවායේ මිලගණන් ද ඔවුන් තවමත් සඳහන් කර නැහැ. මේ දුරකථනය තවමත් වෙළඳපොළට නිකුත් කර නොමැති අතර එළඹෙන අප්‍රෙල් මාසයේදී අලෙවියට එක් වනු ඇත.
ඔබත් මේ නවතම දුරකථනය මිලදී ගැනීමට කැමතියි ද ? මේ තාක්ෂණය ගැන ඔබේ අදහස් මොනවා ද?
නැතිනම් මෙය තවත් එක අලෙවි උපායක් යැයි ඔබ සිතනවා ද ?





0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න