Ads 468x60px

Tuesday, May 24, 2016

Google සමාගමේ ස්වයංක්‍රියව මෝටර් රථය පදිකයන් සමඟ අදහස් හුවමාරු කරගනී.

ස්වයංක්‍රියව පාලනය වන මෝටර් රථ නිර්මාණය කිරීමට මේ දිනවල ඉතා ඉහල උනන්දුවක් පවතින බව ඔබ දැක ඇති. නමුත් මේ මෝටර් රථ කිසිවෙකුගේ සහයක් නොමැතිව තනිවම ගමන් කළහැකි තත්වයකට පත්වීමට තවත් බොහෝ පර්යේෂණ කටයුතු සකිරීමට සිදුවෙනවා.
මේ අතර නිෂ්පාදකයන්ගේ වැඩි අවදානයක් යොමුවන කාරණයක් වන්නේ මෝටර් රථ පදිකයන් හා කවර ආකාරයකින් සන්නිවේදනයේ යෙදෙවී ද කියන ප්‍රශ්නය යි.
මේ අතර Google සමාගම මේ සතියේ ලබාගත් පේටන්ට් බලපත්‍රයක් සමඟ ඔවුන් මේ සම්බන්ධයෙන් කරගෙන යන වැඩපිළිවෙල සඳහා තවත් රුකුලක් වී තිබෙනවා. ඔවුන්ගේ එක් අදහසක් වන්නේ මෝටර් රථය පිටත ඇති සංඥාවක් භාවිතා කිරීමයි.උදාහරණයක් වශයෙන් පදිකයන් හට මෝටර් රථය ඉදිරිපසින් පාර මාරුවීම සුදුසුදැයි දැනුම් දීම සඳහන් කල හැකියි.
මෝටර් රථය ස්වයංක්‍රියව ක්‍රියාකරන අවස්ථාවේ ඒ තුල සිටින පුද්ගලයන් අවට මාර්ගය පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරන නිසා පදිකයන් සමඟ සන්නිවේදනයේ යෙදීමට නව ක්‍රමවේදයක් සොයාගැනීම අවශ්‍ය වනවා.
මේ අතර Google සමාගම ලබාගෙන තිබෙන පේටන්ට් බලපත්‍ර අතර මෝටර් රථයට පිටතින් AirBag පිහිටා ඇති මෝටර් රථයක් ද වනවා. නමුත් මෙවැනි තාක්ෂණයක් සහිත වාහනයක් වෙළඳපොළට අවසන් නිෂ්පාදනය ලෙස නිකුත් කෙරේ දැයි කිසිවෙකුටත් තහවුරු කිරීමේ හැකියාවක් නෑ. නමුත් ලැබී ඇති තොරතුරු අනුව මෝටර් රථයට බාහිරින් පිහිටා ඇති සංඥා පුවරු මත යම් සංඥාවක් දක්වන අතරම ස්පීකරයක් මගින් අදාළ උපදෙස් මගීන්ට ලබාදීමට හැකි ආකාරයේ මෝටර් රථ නිෂ්පාදනය කෙරෙන බවට අනුමාන කිරීමට පුළුවන්.
Google සමාගමට අමතරව මෝටර් රථ නිෂ්පාදනයේ දී සිටින ප්‍රසිද්ධ සමාගම් මෙවැනි මෝටර් රථ තාක්ෂණයක් දියුණු කිරීමේ ඇති හැකියාව ගැන මේ වනවිටත් පර්යේෂණ කරමින් සිටිනවා. තවත් වසර පහක් පමණ ගතවන තැන මෙවැනි තාක්ෂණය තරමක් දුරට හෝ අන්තර්ගත මෝටර් රථ අපේ පාරවල් වලත් දැකගන්න ලැබෙයි.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න