Ads 468x60px

Friday, November 4, 2016

කව්ද මේ Octobot?

Octopus කියන්නේ බුවල්ලට නේ ! ඉතින් මේ කියන්න යන්නේ එහ විදහට හදපු රොබෝ කෙනෙක් ගැන!රොබෝ තාක්ෂනය කියන්නේ දිනේ දින ලෝ අලුත් වන තාක්ෂණයක් හින්දා මේකේ සිද්ධවෙන වැඩ කිඩ ඇත්තටම පුදුමකාරයි!
Octobot ට බාහු 8ක් තියෙනවා! හරියටම කිව්වොත් මෙයාගේ හැඩරුව ගත්තම බුවල්ලෙක් වගේමයි!මෙයා තමයි ලොව ප්‍රථම මෘදු දේහයක් හා ස්වාධීන ක්‍රියාකාරිත්වයකින්(autonomous) යුක්ත රොබෝ වෙන්නේ! ත්‍රිමාණ සැකිල්ලක් හා සිලිකොන් ජෙලය (Silicon Gel) මෙයාව නිපදවන්න භාවිතා කරලා තියෙනවා! Silicone Gel තියෙන හින්දා, මෙයට හොද ප්‍රත්‍යස්ථතාවයක් තියෙනවා! ඒ කියන්නේ මෙය හරියට රබර් එකක් වගේලු!
අනික් සාමන්‍ය මෘදු දේහ දරන රොබෝල ගත්තම ඔවුන් බලගන්වන්න බැටරි, වයර්, පරිපථ පුවරු(Circuit Boards) තිබ්බට Octobot තුල නං ඔය කිසිම දෙයක් නෑ ! මාර වැඩේනේ ? එතකොට කොහොමද මෙයා ක්‍රියාත්මක වෙන්නේ?
එක ඇත්තටම සිද්ධ වෙන්නේ සංකිර්ණ රසායනික ක්‍රියාවලියක් මගින්. ද්‍රව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ප්ලැටිනම් උත්ප්‍රේරකයක් සමග ක්‍රියා කලාම මෙම රොබෝ තුල අභ්‍යන්තරයේ වායුවක් ජනනය වෙනවා! ඒ වායුවෙන් තම රොබෝගේ බාහු පුම්බල වගේ තියාගන්නේ ! එමෙන්ම මේ රසායනික ප්‍රතික්‍රියාව මගින් රොබෝට තම බාහු චලනය කිරීමේ හැකියාවකුත් හැකියාවකුත් ලැබිල තියෙනවා! මේ චලන ආරම්භ වෙන්නේ බාහු 4 ක් ඉහලට එසවීමෙන් හා අනෙක් බාහු 4 පහලට ගමන් කිරීම මගින් හා පසුව ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය සිදුවීමෙන් ලු . තම ඉන්ධන අවසන් වෙන තෙක් ඒ කියන්නේ විනාඩි 4ක් 8ක් පමණ කාලයක් රොබෝ තම චලන පෙරකී විදිහට පෙන්නනවලු!
ඉතින් මෙහෙම චලනය වෙද්දී පුපුරා යාම වැලක්වීමට මෙය තමන්ගේ දේහ තුල තියෙන විවර මගින් අතිරික්ත වායු නිදහස් කරනවලු.අතිරික්ත වායු කිව්වේ අර කලින් කිව්ව රසායනික ප්‍රතික්‍රියාවෙන් හැදිච්ච වායුවේ වැඩි ටික!
මේ රොබෝ අනාගතයේදී සාගර ගවේෂණ වලට වගේම දේශගුණික වෙනස්විම අධ්‍යනය යොදාගන්නයි පරීක්ෂකයන් සැලසුම් කරන්නේ!

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න