Ads 468x60px

Wednesday, October 12, 2016

හැමදාම කන චොක්ලට් ගැන ඔබ නොදත් කතාවක්

චොකලට් කියන්නේ ඉතින් ඕනෙම කෙනෙක් ආසාවෙන් කන කෑමක් නේ. ඇත්තටම චොක්ලට් කන එක ශරිරයට හොදද? නැද්ද ? ඕකනේ දැන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ. අටුවා ටීකා නැතුව කෙලින්ම අපි කතාවට බහිමු.

චොකලට් අපිව තරුණ කරනවා. කඩවසම් කරනවා. මෙහෙම කිව්වම සමහර විට ඔබ පුදුම වෙන්නත් පුළුවන්. එහෙත් මේ වන විට එය විද්‍යානුකුලව සනාථ කරලා තියෙනවා. කවුද ඉතින් ආස නැත්තේ ලස්සනට හැඩට ඉන්න.
ඒ පරීක්ෂණයට වයස අවුරුදු 23 -98 අතර කට්ටිය 968ක් පමණ සහභාගි වෙලා තියෙනවා ලු. අවුරුදු 98 ක් වෙලත් තාම චොක්ලට් කන ආසව අත ඇරගන්න බැරි වෙලා. නැත්තන් ඉතින් ඔය පරීක්ෂණයට සහභාගි වෙයියෑ.
විද්‍යාඥයන් කියන විදිහට චොක්ලට් වැඩිපුර කන පුද්ගලයන්ගේ දෘශ්‍ය මතකය (Visual memory) දියුණු වෙනවලු. ඒ විතරක් නෙමෙයි මතක ශක්තිය වැඩි වෙනවලු. වියුක්ත චින්තන (Abstract thinking) හැකියාව වැඩි දියුණු වෙනවලු . එපමණක් නෙමේ මානසික ඒකාග්‍රතාවය පවත්ව ගන්නත් උදව් වෙනවලු !
චොක්ලට් වල අන්තර්ගතය ගත්තම සමහර සංඝටක අපගේ මානසික ක්‍රියාකාරිත්වයේ යහපත් පැවැත්මට හේතුවෙන්න පුළුවන්. එම සංඝටක පොදුවේ “COCOA FLAVANOLS” කියල හදුන්වනවා.
මේවායින් බහුතරය තියෙන්නේ Dark Chocolate වල ලු .සුළු වශයෙන් White Chocolate හා Milk Chocolate වලත් මේවා අන්තර්ගත වෙනවා. මාර වැඩේ කියන්නේ චොක්ලට් වලින් ලැබෙන ප්‍රයෝජන ගත්තම චොක්ලට් වර්ගෙන් වර්ගයට එකත් වෙනස් වෙනවා.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න