Ads 468x60px

Thursday, February 9, 2017

යතුරු පුවරුවක් නොමැතිව ටයිප් කරන්න Tap පටියක් ගමු ද ?

හිතල බලන්න ඔබ පන්තිකාමරයක , දේශන ශාලාවක එහෙමත් නැතිනම් කාර්යාලයේ වැදගත් රැස්වීමක ඉන්න මොහොතක දුරකථනය අතට ගෙන කෙටි පණිවිඩයක් යැවීම ඔබව අපහසුතාවයට පත්කරන අවස්තාවක් වෙන්න පුළුවන්.
එහෙම නැතිනම් ඔබට ඔබගේ මිතුරකුට e-mail පණිවිඩයක් යැවීමට අවශ්‍ය නමුත් යතුරු පුවරුවක් ලඟපාත නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල ඔබගේ අපහසුතාවය මගහරවා ගැනීමට ඕනෑම මතුපිටක් යතුරු පුවරුවක් බවට පත්කරගැනීමට හැකි උපාංගයක් ඔබ ළඟ තිබුනොත් කෙතරම් අපූරු ද ? මේ අපූරු උපාංගය “Tap”. එය Bluetooth තාක්ෂනය මගින් ක්‍රියාකරන අතේ ඇඟිලි වලට පැළඳිය හැකි අපූරු උපාංගයක්

මේ උපාංගය දෙස බැලුවොත් එය නිර්මාණය කරලා තියෙන්නේ රබර් වලින්. මෙය Bluetooth තාක්ෂනය මගින් ඕනෑම උපකරණයකට සම්බන්ධ කිරීමේ හැකියාව පවතිනවා. එහි ඇති පිටතට නොපෙනෙන සංවේදක මගින් ඔබේ ඇඟිලි වල චලනය හඳුනාගෙන එමගින් ඔබට අවශ්‍ය පණිවිඩය ටයිප් කිරීම මෙහිදී සිදුවෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ටයිප් කිරීම සඳහා ඕනෑම මතුපිටක් යොදාගැනීමට ඇති හැකියාවයි. ඔබේ මේසය, කමිසය, කලිසම, වගේම හිසමත වුවත් මේ ක්‍රමය මගින් ටයිප් කිරීම සිදුකිර්මට පුළුවන්. මෙය සැබවින්ම අපූරු නිර්මාණයක්. මෙහි ක්ර්යකරිත්වය සිදුවන්නේ ඇඟිලිවල චලන රටා මේ තුල ඇති සංවේදක වලින් හඳුනාගෙන ඒවා අකුරු බවට පත්කිරීමෙන්. මෙහි අකුරු ටයිප් කිරීමට විවිධ combinations නැතිනම් සංකලන රටා තිබෙනවා. හරිඅටම කිව්වොත් එවැනි රටා 31ක් තිබෙනවා. මේ උපන්ගයේ අතේ ඇඟිලි 5ට ප්‍රාණක්ෂරය ( vowels) අන්තර්ගත වන අතර අනෙක් අක්ෂර විවිධ සංකලන තුලින් ටයිප් කිරීමේ හැකියාව පවතිනවා. මෙහි අකුරු ටයිප් කිරීමේ රටාව බොහෝදෙනෙක්ට පයක පමණ කාලයකින් ඉගනීමට හැකි බව නිර්මාණකරුවන් පවසනවා. එමෙන්ම ටය්ප් කිරීම පුරුදු වීමට TapGenius නමින් app එකක් ද නිර්මාණය කර තිබෙනවා.
ඔබටත් මෙය මිලදී ගැනීමට පුළුවන්. හැබැයි ඒ සඳහා ඔබටත් දිගු පෝලිමක බලා සිටින්නට වෙන බව තමයි කියන්න තියෙන්නේ.



0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න