Ads 468x60px

Friday, July 8, 2016

ලොව විශාලම SSD එක : ටෙරාබයිට් 13ක දත්ත ගබඩා කරන්න පුළුවන්

කාලෙකට ඉස්සර තිබුණු ගැටළුවක් තමයි SSD වල දත්ත ගබඩා කිරීමට ඇති ඉඩ ප්‍රමාණය සීමිත වීම. නමුත් එය තවදුරටත් ගැටළුවක් වන්නේ නම් නෑ. මේ සඳහා Fixstars ආයතනයෙන් කදිම විසඳුමක් ලබා තිබෙනවා.

එම සමාගමේ නවතම SSD එක වන Fixstars SSD-13000M එකේ ධාරිතාවය 13TB ධාරිතාවක් සහිත 2.5” ප්‍රමාණයේ දෘඩ තැටියක්. මෙය වාර්තා අතරට එක්වන්නේ දැනට වෙළඳපොළට නිකුත් විශාලම ධාරිතාවක් සහිත SSD එක ලෙසටයි. මෙහි 10TB ප්‍රමාණයේ SSD එකක් ද ඔවුන් මෙය සමඟම හඳුන්වා දී තිබෙනවා.
මේ තරම් විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමට සාමාන්‍යයෙන් අවශ්‍ය වන DVD තැටි ප්‍රමාණය 2800ක් ! මේ SSD එකේ දත්ත කියැවීමේ වේගය 540MB/s දක්වා වන අතර දත්ත ලිවීමේ වේගය 520MB/s වනවා.
සමාගම් ප්‍රධානි Satoshi Miki මහතා පවසන ආකාරයට ඔවුන්ගේ සමාගමේ SSD වල කල් පැවැත්ම හා විශ්වාසනීයත්වය ඉතා ඉහලින් ඇගයෙනවා. ඒවගේම මේ නිෂ්පාදනයේ උෂ්ණත්ව පාලන පද්ධතියක් ද පවතිනවා. එමගින් රත්වීම නිසා වන හානි මග හරවා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම මෙහි ආයුකාලය වැඩි තවත් නිෂ්පාදනයක් ද පවතින අතර එහි ධාරිතාව මෙහි අඩක් බවත් දැනගන්නට ලැබෙනවා. (6.5TB)
මේක කෙතරම් විශාල ධාරිතාවයක් සහිත වුනත් මෙහි මිල නම් සුළුපටු ගානක් නොවෙයි. එය ඩොලර් 13,000ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1,870,000/- ක්. ඔව්, දහඅට ලක්ෂයක් විතර වෙනවා

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න