Ads 468x60px

Tuesday, September 29, 2015

Lexus සමාගම ඇත්තම Hoverboard එකක් හදලා. ඒත් අපිට ඒක පදින්න අවස්ථාවක් ලැබෙයි ද ?

Lexus මෝටර් රථ සමාගම ගැන ඕගොල්ලෝ අහලා ඇති. සුපිරි මෝටර් රථ නිෂ්පාදනය කිරීම සඳහා මේ සමාගම ප්‍රසිද්ධියක් උසුලනවා. ඉතින් මේ සමාගම වීඩියෝ පටයක් නිකුත් කරමින් නවතම Hoverboard එකක් එළිදැක්වූවා. ඒත් මේ නිර්මාණය අපේ අතට එන්න නං තවත් ගොඩක් කාලයක් යයි. 



                                    
සමාගම පවසන විදියට මෙය ක්‍රියාකරන්නේ සුපිරි සන්නායක ද්‍රව නයිට්‍රජන් (liquid nitrogen) වලින් සිසිල් කිරීමෙන් සහ චුම්බක වල ආධාරයෙන් පොළව මතුපිට සිට අඟලක් පමණ ඉහලට එසවීමෙන්. ඒ කියන්නේ මෙය ක්‍රියාකරන්නේ ලෝහ පෘෂ්ඨ මත පමණක් බවයි.
                                   
කෙසේ නමුත් මෙය සැබවින්ම ක්‍රියාකරන නිර්මාණයක් බව Lexus සමාගම පවසනවා. වීඩියෝ පටයේ නම් මේ පුවරුව පැදගෙන යන පුද්ගලයෙක් පෙන්වන්නේ නැති වුනාට ඉදිරියේදී වැඩි විස්තර දැනගන්න ලැබෙයි.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න