Ads 468x60px

Tuesday, September 15, 2015

මේ රොබෝලා ආබාධ වලට ලක්වුනාම ඒ මොහොතට අවශ්‍ය විදියට හැඩගැසෙනවා ලු

අපි ජිවත් වන මේ ලෝකයේ අපේ නෙතගැටෙන මානයේ දැකගැනීමට හැකි රොබෝ යන්ත්‍ර එතරම් දියුණු හෝ අප චිත්‍රපට වල දකින රොබෝ යන්ත්‍ර තරම් බුද්ධිමත් නොවන්නට පුළුවන්.
නමුත් මෑතකදී සිදුකල පර්යේෂණයක ප්‍රතිපලයක් විදියට ඕනෑම ආකාරයේ අවස්ථාවකට හැඩගැසිය හැකි රොබෝ තාක්ෂණයක් සොයාගැනීමට හැකිවෙලා තියනවා.
ඔබ මේ දකින වීඩියෝ පටයේ සිටින රොබෝගේ සිතියමේ එක් එක් පාද චලන රටා 13,000ක් පමණ අන්තර්ගත වෙයි. මෙහි ඇති සුවිශේෂී කාරණය වන්නේ පාද හයක් සහිත මේ රොබෝලා එක් එක් රෝබෝගෙන් සුළු සුළු වෙනස් ආකාරයට චලනය වීමට හුරු වීමයි. සමහර රොබෝ යන්ත්‍ර පාද 6 ම භාවිතා කොට ඇවිදින අතර සමහරෙක් පාද කිහිපයක් පමණක් භාවිතා කරයි.
මේ රොබෝ යන්ත්‍රයකට යම්කිසි අනතුරක් සිදු වූ විට එය නැවත සිතියම පරික්ෂා කොට තමාට චලනය වීමට සුදුසුම මාර්ගයක් ස්වයංක්‍රියවම තෝරාගන්නේ programmer කෙනෙකුගේ සහයක් නොමැතිවයි.
මේ සඳහා රොබෝගේ ඇති හැකියාව ඉහල මට්ටමක පවතින අතර මේ නව තාක්ෂනය භාවිතා කර අනතුරට ලක්වන රෝබෝයන්ත්‍ර තවදුරටත් ක්‍රියාකාරී ලෙස පවත්වා ගැනීමටත් බාධක මැඩගෙන ඉදිරියට යාමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරෙනවා

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න