Ads 468x60px

Tuesday, July 28, 2015

LG සමාගමෙන් අඟල් 18ක රෝල් කල හැකි තිරයක් !

LG සමාගමෙන් නිකුත් කල G Flex දුරකථනය ඔබට මතක ඇති. එම දුරකතනයේ විශේෂත්වය වූයේ එය වක් වූ ස්වභාවයකින් යුක්ත වීමයි. එතනින් ඇරඹි ගමනේ නව සලකුණත් ඇති කරමින් LG සමාගම විසින් අඟල් 18ක රෝල් කිරීමට හැකි OLED තිරයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ රෝල් කර ඇති අවස්ථාවේ පවා රූප නැරඹීම සිදු කල හැකි වීමයි.


මෙහි තීව්‍රතාව 1200 x 810 වන අතර සෙන්ටිමීටර 3ක අරයක් සිටින ආකාරය දක්වා තිරයට කිසිඳු හානියක් නොවන ලෙස රෝල් කිරීමට හැකි බව LG සමාගම පවසයි.
මෙය ඔබව නොමග යවන ආකාරයේ අලෙවි උපක්‍රමයක් විදියට එක වරම සලකන්නත් අමාරුයි. මෙවැනි තිර ඕනෑම ස්ථානයක ඇති රූපවාහිනි තිරවලට මනාව ගැලපෙනු ඇත. මෙහි ඇති OLED තාක්ෂනය නිසාම මෙම තිරය මත මැවෙන දසුන් අනෙක් තිරවලට වඩා 30%කින් අලංකාර හා විචිත්‍රවත් බව සමාගම පවසනවා.
2017 වන විට මෙවැනි නම්‍යශීලි අඟල් 60කට වඩා විශාල UHD OLED (Ultra HD) තිර නිෂ්පාදන ඇරඹීම සමාගමේ අපේක්ෂාවයි. මේ සියලු නිර්මාණ වල සාර්ථකත්වය මත අනාගතයේ නිර්මාණය වන Display තාක්ෂනය නැතිනම් තිර තාක්ෂණය නව මාවතකට යොමු කිරීමට හැකි වනු ඇත.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න