Ads 468x60px

Saturday, July 25, 2015

පෘථිවිය සමකල හැකි තවත් ග්‍රහලෝකයක් හමුවෙයි.

තවත් කාලයක් ගතවන තැන පෘථිවිය මත ජිවත් වීමට නොහැකි තත්වයක් ඇති වුනොත් ඔබ මොකද කරන්නේ ? මේවගේ දෙයක් ඔබට හිතිලා නැද්ද ?
චිත්‍රපට වල ඕගොල්ලෝ දැකලා තියනවා වගේ ලෝක විනාසයක් එහෙම නැත්තන් ගෝලීය උණුසුම වගේ කාරණා හින්දා මිහිමත ජිවත් වීමට ගැටළු ඇතිවෙන්න පුළුවන්. කොහොමහරි NASA ආයතනය කල නවතම සොයාගනිමකින් පෘථිවියට බෙහෙවින් සමානකම් දක්වන පෘථිවියේ නිවුන් සහෝදරයෙක් වගේ ග්‍රහලෝකයක් හම්බුවෙලා තියනවා.

                                                මෙය නමින් Kepler-452b (කෙප්ලර්). දැන් මෙය “Earth 2.0″ ලෙස හැඳින්වෙනවා. NASA ආයතනයේ පාවෙන නිරික්ෂකාගාරය මගින් තමයි මේ ග්‍රහලෝකය ජිවය පැවතිය හැකි කලාපයක පිහිටා ඇති බවත් සොයාගත්තේ. ජිවය පැවතිය හැකි කලාපය යනු ග්‍රහමණ්ඩලයට අයත් තාරකාව වටා ඇති ග්‍රහලෝක මත ජලය ඝනීභවනය වී මතුපිට ජල තටාක පැවතිය හැකි කලාපයයි.

                                                මේ ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1400ක් ඈතින් පිහිටලා තියෙන්නේ. ඒ හින්දා මෙතනට දැන්ම ගමන් කරන එක තරමක් අපහසු වැඩක්. නමුත් සොයාගෙන තිබෙන තොරතුරු වලට අනුවනම් මෙහි උෂ්ණත්වය පෘථිවියේ තත්ත්ව වලට සැසඳෙනවා. ඒවගේම මෙය ගමන් කරන්නේ අපගේ සුර්යයා හා සමාන තාරකාවක් වටා වීමද විශේෂත්වයක්

                                                 Kepler-452b මෑතකදී සොයාගැනුනත් මෙය බොහෝ කාලයක් මේ ස්ථානයේ පැවති ග්‍රහලෝකයකි. ඒවගේම මෙය පෘථිවියට වඩා 60%කින් පමණ විශාලයි.


මෙය ගමන් කරන්නේ කෙප්ලර් 452 වටා, එය වසර බිලියන 6ක් පැරණියි. අපේ සුර්යයාට වඩා වසර වසර බිලියන 1.5ක් පැරණියි. ඒවගේම අපේ සුර්යයාට වඩා 20% දීප්තිමත්. විෂ්කම්භය 10% වැඩියි.
Kepler-452b ග්‍රහලෝකයට තමන්ගේ සුර්යයා වටා ගමන් කිරීමට දින 385ක් ගත වන අතර එය පෘථිවියේ කාලයට වඩා 5% ක දිගුවකි. මේ ගැන වැඩිදුර තොරතුරු ළඟදීම අපිට දැනගන්න ලැබෙයි.





1 comments:

Unknown said...

ස්තුතියි මෙි තොරතුරැ වලට. ඒවා ගොඩාක් වටිනවා.

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න