Ads 468x60px

Tuesday, July 28, 2015

2015 වසරේ ඔබට ළඟ තබාගත හැකි අමුතුම ගැජට් කෑලි මෙන්න.

පසු ගිය වසර වල මෙන්ම මේ වසරේ ද අමුතුම විදියේ උපාංග වෙළඳපොලට හඳුන්වලා දීලා තියනවා. එක එක පුද්ගලයන්ගේ කැමැත්තට ගැලපෙන ආකාරයේ දේවල් මේ අතර වනවා. අපි බලමු මේ අතර තියන අලුත්ම ගැජට් මොනවද කියලා.

                                   LIVESCRIBE ECHO SMARTPEN


මේ පෑනෙන් හඬ පටිගත කරන එක විතරක් නෙමෙයි ඔබ ලියන කියන දේවල් වගේම අඳින දේවලුත් පටිගත වෙනවා. සාමාන්‍යයෙන් පිටු 32,000ක් පමණ පටිගත කිරීමේ හැකියාව පවතිනවා. විද්‍යුත් උපකරණ රැගෙන යාමට ඉඩ නොදෙන පන්තිකාමරයක් තුලට පහසුවෙන්ම ගෙන යා හැකි උපකරණයක් විදියට හඳුන්වන්න පුළුවන්.

                                      LOGITECH BLUETOOTH KEYBOARD                          

                                  
මේක බ්ලුටුත් වලින් ක්‍රියාකරන යතුරු පුවරුවක්. මෙය නොයෙක් උපකරණ සමග භාවිතා කිරීමට හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. ටැබ්, ස්මාර්ට් ජංගම දුරකථන වගේම පරිගණක සමඟත් ක්‍රියාකරනවා. මේකේ තියන නොබ් එක කරකවලා කැමති විදියට settings වෙනස් කරගන්නත් පුළුවන්.

                                                        ILUV SYRENPRO

                                  
බැලු බැල්මට සාමාන්‍ය ස්පීකර වගේ පෙනුනත් යම්කිසි විශේෂත්වයක් තියනවා. මේවා ඕනෑම කාලගුණ තත්වයකට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. අංශක 360ම ආවරණය වන ආකාරයෙන් ශබ්දය නිපදවීමට හැකි වීම තවත් වාසියකි.

                                                COBRA JUMPAK
                                     
මේක අතේ අරගෙන යන්න පුළුවන් ප්‍රමාණයට හදල තිබ්බට මේකෙන් ඔබේ ජංගම දුරකථනය වගේම මෝටර් රථයත් චාර්ජ් කරගන්න පුළුවන් කියල විශ්වාස කරන්න පුළුවන් ද ? mAh 7500ක බැටරියක් සහ LED ෆ්ලෑෂ් ලයිට් එකකින් ද සමන්විතයි.

                                           MOBILE SPACE PACK

                            
මේක වැඩක් වෙන්නේ iPhone 5 පාවිච්චි කරන කට්ටියට. දුරකථනය ආරක්ෂා කරනවාට අමතරව අතිරේක බැටරියකින්, සහ 32GB මෙමරියකින් ද සමන්විතයි.
 
                                             BLUESMART CARRY-ON
                       
නිතරම එහෙ මෙහෙ යන අයට කදිම ගමන් මල්ලක්. ඔබේ උපාංග චාර්ජ් කරගැනීමට වගේම ඔබේ ගමන් මල්ල අගුලු දැමීම සහ එහි බර දැනගැනීමත් ඉතා පහසුවෙන් සිදු කිරීමට පුළුවන්. ඒ වගේම මේක ට්‍රැක් කරන්නත් පුළුවන්. ඒවගේම දැකුම්කළු නිමාවකින් ද යුක්තයි.

                                           LG WATCH URBAN LTE

                              
මේ දවස්වල ස්මාර්ට් ෆෝන් සහ ස්මාර්ට් වොච් වලට හොඳ ඉල්ලුමක් තියනවා නේ. ඒවගේම දැන් දැන් ගොඩක් දෙනෙක් බලන්නේ මේ දෙකම එකතු කරලා අලුත් නිර්මාණයක් කරන්න. LG සමාගම මේ උත්සාහ දරන්නෙත් ඒ දෙටමයි. ක්‍රියාකරන්නේ WebOS පාලන පද්ධතියෙන්. ස්පීකරයක් සහ මයික්‍රෆෝනයක් ද අන්තර්ගතයි.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න