Ads 468x60px

Saturday, July 25, 2015

මිහිමත වඩාත්ම විෂ සහිත ස්ථාන මෙන්න

පසුගිය වසර 100ක කාලය තුල තාක්ෂනය අතින් ලෝකය විශාල දියුණුවක් ලබමින් ඉදිරියට ගමන් කරන අතරම මිනිසාගේ එදිනෙදා කටයුතු වඩාත් ලෙහෙසියෙන් පහසුවෙන් වගේම සාර්ථක අන්දමින් ඉටුකරගැනීමට අවස්ථාව සැලසී තිබේ.
නමුත් මේ අතර කාලය තුල පරිසරයට අප මුදාහැර තිබෙන අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිල්ලට ගතහොත් එය සුළු පටු ප්‍රමාණයක් නම් නොවෙයි. සෑම වර්ගයකම අපද්‍රව්‍ය එනම්, රසායනික, න්‍යෂ්ටික, කැළිකසල, විද්‍යුත් අපද්‍රව්‍ය ආදී වූ විවිධාකාරයේ අපද්‍රව්‍ය මගින් පරිසරයට විශාල ලෙස හානි සිදුවී තිබේ. සමහර පරදේශ වල පරිසර දුෂණය කෙතරම් ප්‍රබලදැයි කිවහොත් එම ප්‍රදේශ මිනිස් වාසයට තවදුරටත් නුසුදුසු මට්ටමට පැමිණීමට ඉතා ආසන්නය. යුක්‍රේනයේ Chernobyl ප්‍රදේශයේ 1980 දශකයේ සිදු වූ ඒ දැවැන්ත නෂ්ටික බලාගාර අනතුර ඉතිහාසයේ සිදුවූ දරුණුතම බලාගාර අනතුරක් ලෙස සැලකෙනවා.
මේ විඩියෝවෙන් ඔබට දිස්වන්නේ ලෝකයේ වඩාත්ම අපවිත්‍රව ඇති ස්ථාන 10ක් පිළිබඳවයි. මේ අතරට ඇමෙරිකාවේ ප්‍රදේශ ඇතුලත් වී නොතිබුනත් ඇමෙරිකාවේ Love Canal, New York, Tar Creek, Oklahoma, සහ Gowanus Canal, New York යන ප්‍රදේශ ඉතාමත් ප්‍රබල ලෙස විෂරසායනික වලින් අපවිත්‍ර වී ඇති බවට ප්‍රකාශ කර අවසන්. ඛනිජතෙල් ලබාගැනීමට සිදු කිරීමේදී භාවිතාකරන Hydraulic Fracturing ක්‍රමය නිසා ජලය සහ වාතය දුෂණය වීම ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම කඳුමුදුන් වල හානි කිරීම නිසා ඒවා කපා ඉවත් කිරීම නිසා වනසතුන්ගේ ජිවිත වලට මෙන්ම ජල උල්පත් සිඳී යාමේ ගැටලුවකට ද මුහුණ දීමට සිදුව තිබෙනවා.
මේ වීඩියෝ පටයේ අන්තර්ගත ස්ථාන 10ට අමතරව පහත සඳහන් ස්ථාන කිහිපය ද අකමැත්තෙන් වුවත් මතක් කිරීමට කැමතියි.

LINFEN, CHINA :

ලෝකයේ වඩාත්ම දුෂණයට ලක්වන නගරය ලෙස සැලකෙනවා. ඉතා ඉහල වායුදුෂණයක් පවතින මේ ප්‍රදේශයේ රථවාහන භාවිතය ඉහල අතරම කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් ද පවතියි.

THE GREAT PACIFIC GARAGE PATCH :

පැසිෆික් සාගරයේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය තරම් දෙගුණයක් විශාල අඩි 30කට වඩා ගැඹුරට විහිදෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත ප්‍රදේශයක් පාවෙමින් පවතිනවා.

RONDONIA, BRAZIL :

කලකට ඉහත කොළ පැහැයට දිස්වුනු ඇමසන් වැසි වනාන්තරයට අයත් මේ ප්‍රදේශයේ භුමි ප්‍රමාණයේ විශාල ලෙස කැලෑ එළිපෙහෙළි කර ගිනි තබා විනාශ කරන ලදී. දැන් එහි දක්නට ඇත්තේ ගවයන් පමණි.

LA OROYA, PERU :

මේ ප්‍රදේශයේ පවතින ඊයම් කම්හලක් නිසා විශාල ලෙස පරිසර දුෂණයක් ඇතිවී තිබේ. බොහෝ කුඩා දරුවන්ගේ රුධිරයේ අසාමාන්‍ය මට්ටම් වලින් ඊයම් තිබෙන බව සොයාගෙන තිබේ.
                           

LAKE KARACHAY, RUSSIA :

විශාල ලෙස විකිරණශීලි අපද්‍රව්‍ය බැහැරකිරීම කිරීම නිසා මේ ප්‍රදේශයේ පැයක පමණ සංචාරය කිරීම ශරීරය මාරාන්තික විකිරණ ප්‍රමාණයකට නිරාවණය කිරීමකට සමානයි. මේ ප්‍රදේශයේ බොහෝ කම්කරුවන් අතර පිළිකාව පැතිර යන අතර අංගවිකල දරුවන් සහ ලියුකේමියාව ද දැකිය හැක.

SPACE :

අභ්‍යාවකාශය මේ වන විට කුණුගොඩක් බවට පත්ව ඇතැයි පැවසුවොත් ඔබ විශ්වාස කරනවා ද ? වසර ගණනාවක් පුරාවට සිදුකෙරුණු මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක් විදියට රාත්තල් මිලියන 4ක පමණ අපද්‍රව්‍ය පෘථිවිය වටා අභ්‍යාවකාශයේ පවතියි. රොකට් යානා වල කොටස් අකර්මනය් වූ සැටලයිට් ආදිය විශාල ලෙස පවතින අතර මේ නිසා සැටලයිට් සහ සන්නිවේදන පහසුකම් වලට බලපෑමක් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබේ.








0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න