
ඇමෙරිකාවේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මේ සඳහා නව විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉහල ක්‍රියාකාරිත්වයක් සහිත තනිකරම දැව ආශ්‍රයෙන් සෑදුණු අර්ධ සන්නායක චිප හඳුන්වා දීමයි. අප භාවිතා කරන චිප් වල වැඩි ඉඩ ප්‍රමාණයක් වැයවන්නේ එයට සවිමත් බවක් ලබාදීමටයි. විද්‍යුත් කොටස් අන්තර්ගත වන්නේ මයික්‍රෝ මීටර කිහිපයක පරාසයක් තුල පමණයි. මේ චිප් පරිසරයට මුදාහැරුණු පසු ශුද්‍ර ජීවීන් මගින් දිරාපත් කෙරෙනු ඇත.
මේ චිප් එකේ ශක්තිමත් බව ලබාදෙන කොටස නම්‍යශීලි දිරාපත්වන සෙලියුලෝස් නැනෝ කෙඳි (cellulose nanofibril (CNF))මගින් ප්‍රතිස්ථාපනය කෙරී තිබෙනවා. මෙය දැව ඇසුරෙන් ලබාගන්නා සවිමත් පාරදෘශ්‍ය ද්‍රව්‍යය කි.
මේ පර්යේෂණය සිදු කල Zhenqiang Ma ඇතුළු කණ්ඩායම වසර 10කට වැඩි කාලයක් මේ සඳහා මහන්සි වී ක්‍රියා කළා. ඔවුන්ට තිබු ගැටලුව වුයේ මේ සඳහා සිනිදු මතුපිටක් සහිත ද්‍රව්‍යක් සොයාගැනීමයි. තාප ප්‍රසාරණය සඳහා ද මෙය සහය දැක්විය යුතු වුණා. අවසානයේ ඔවුනට CNF හමුවුනා.
ඔවුන්ගේ ඊළඟ අභියෝගය වුනේ මේ දැව ආශ්‍රයෙන් නිමැවුණු චිපය එදිනෙදා භාවිතා වන ගැලියම් ආසනයිඩ් වලින් නිමැවුණු සාමාන්‍ය චිප් මෙන් ක්‍රියාකළ හැකි බව පෙන්වීමයි.මේ සඳහා ඔවුන් gallium arsenide ට්‍රාන්සිස්ටර 1500ක් කුඩා මිලිමීටර 5×6 චිපයකට සවිකර ඇතහදා බැලුවා.
මේ චිප් අනාගතයේ නිෂ්පාදනය වන ඉලෙක්ට්‍රොනික උපාංග වල දැකගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරමු.
වටිනා දේවල් ඔබට නොමිලේම ලබාදේන්නේ Punsada Web පමනි
0 comments:
Post a Comment