Ads 468x60px

Saturday, April 11, 2015

Magemai Oba

www.punsada.fulba.com
සයනයේ වැතිරී තම ආදර වන්තියගේ බැල්මෙහි කතනයෙහි මිහිර සිතින් විද ගනිමින් සිටි හිරූෂ දුරකතනයට අත යොමු කෙරුවේ ඇයගේ හඩ ඇසීමට නොනිත් ආශාවෙන් පෙලෙන සිත සැනසවීමටය.


                                  "ගුඩ් මෝනිං වස්තු" එහා කොනින් ඇසුණු හඩ ලයාන්විතය.
                                  "ගුඩ් මෝනිං මගෙ සුදු මැණික නිදිද තවම."
                                  "නෑ වස්තු. පොතක් කියවනවා."
                                  "දැන් නම් බඩගිනියි. අපි කමුද රත්තරන්."
                                  "හා මගෙ රත්තරනෙ. එහෙනම් පරිස්සමින් ඉන්න."
                                  "මගෙ සුදු මැණිකත් පරිස්සමින් ඉන්න එහෙනම්." ආදරණීය සංවාදය අවසන් වූයේ දෙදෙනාගේම සිත් වල ප්‍රෙබා්ධයක් ඇති කරවමින්ය.
                                  නෙතූෂි පොතක් රැගෙන ගෙමිදුලට ගියේ සිතේ තිබු පාලුව මකා ගැනීමටය. වේගයෙන් පැමිණි කාරය ඇයගේ සිතෙහි කලබලයක් ඇති කළේය.
                                    "ඇයි වස්තු මේ හදිසියෙම" නෙතූෂිගේ බිය රැදි දෙනෙත යොමුවි තිබුණේ හිරූෂගේ කනස්සලු මුහුණ වෙතටය.
                                  "මාර වැඩක් වෙලානෙ සුදු මැණික. අපේ ආච්චි ලොකු ලමයෙක් වුණානෙ." දගකාර හඩින් පැවසූ ඹහු සැහැල්ලු ලෙස සිනාසුනේ නිතුෂිගේ නහය මිරිකමිනි.
                                 "අනේ මම හොදටම බය වුණා." ඔහුගේ අතින් අල්ලා ගනිමින් ඇය කීවේ නෝක්කාඩු ස්වරයෙනි.
                                  "අම්මත් ගෙදර නැත්තම් මම යන්නම් වස්තුවෙ. ඔයාව බලන්න හිතුණ නිසා ආවේ." ඇයගේ නළලත සිප ගනිමින් ඔහු කාරයට නැගුණි.
                                  "පරිස්සමින් හෙමීට යන්න මගෙ වස්තු." ඇය කදුලැල් රැදි දෑසින් බලා සිටියාය.
                                  'සුදු මැණික මට ඔයාව බලන්න එන්න ඕනි අනේ' රාත්‍රී නවයත් පසු වී තිබුණද නිදි දෙව්දුව අහලකටවත් නොඑන හෙයින් හිරූෂ නෙතුෂිට කෙටි පණිවිඩයක් තැබීය.
                                 'දැන් එන්න එපා වස්තු රෑ වෙලානෙ ගොඩාක්' නෙතූෂිගේ පිළිතුර විය.
                              "ම්.. හරි එහෙනම් එළියට ගිහින් හද දිහා බලන්නකො. මමත් හද බලන්නම්. එතකොට එතනින් අපි දෙන්නවම මුණ ගැහෙනවා." හිරූෂ කීවේ 'මගෙ සුදු මැණික' නමින් සදහන් අංකයට ඇමතුමක් රැගෙනය.
                          "හිරූෂ නෙත්සර දයාවංශ වන මම නෙතූෂි පබසරා ඒකනායක යන අය මෙතැන් පටන් මගේ ආදරණීය බිරිද ලෙස පිළි ගනිමි." දෙවසරක ආදරණීය හැගුමන් එක් කොට තැනූ මාළිගයේ දොරටු විවර විය.
                            "කවුරු අතින්ද නිතූෂි උඹට මෙහෙම දෙයක් වුණේ" හැගීම් සමුදායකින් ගත සිත එක් තැන් කර ගත් හිරූෂ ආවේගයෙන් කෑ ගසන්නට විය.තම සිතට හීයකින් විද ගතට ගිනි තබා ඇති සෙයක් නෙතූෂිට දැනිණි.
                             "අනේ රත්තරන් මම එහෙම දෙයක් කළේ නෑ." සියලු හැගීම් කදුළට හරවමින් ඇය තම සැමියා ඉදිරියේ දණ නැමුවාය.
                              හිමිදිරි යාමය සන්සුන්ය. " මගෙ වස්තු මම ඔයාගෙ විතරමයි." නෙතූෂි තම සැමියාගේ නළලත සිප ගත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරය හා සෙනෙහස කැටි කොටගෙනය.
                                වැව් ඉස්මත්තේ රැස් වූවෝ තරුණියකගේ මළසිරුර සොයයි.
                             'උඹ  මේ තරම් ආදරේ කළේ ඒකිගෙ පිරිසිදු කමටද යකෝ. කලාතුරකින් කෙල්ලෙක්ගෙ කන්‍යා භාවෙදි රුධිරය පිට වෙන්නෑ කියල උඹ නොදැන හිටියද? හැම අවස්ථාවකදීම ඒක පිරිසිදුකම මනින සාධකයක් වෙන්නෑ කියල දොස්තර කෙනෙක් වෙලත් ඇයි උඹ තේරුම් නොගත්තෙ? උඹේ හදිසි සිතුවිල්ලක් නිසා වටිනාම වස්තුව උඹ නැති කර ගත්තා.'  හිරූෂගේ සිතෙන් නැගෙන චෝදනා දරා ගත නොහැක.
                          " අනේ මගෙ සුදු මැණික මට ඔයාව බලන්න ඕනා." තම ආදරණීය බිරිදව උපේක්ෂාවෙන් යුතුව භාර ගත් නිල් දිය නිසොල්මන්ය. නිරූෂගේ හඩ ඇසුණේ පරාජිත වූ පෙම්වතුන්ගේ සෝ සුසුමන් දරා සිටින වා තලයට පමණි.         

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න