Ads 468x60px

Saturday, July 18, 2015

ඇපල් සමාගම ඇපල් WATCH එළිදක්වයි.

Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙළඳ පොලට පැමිණ කාලයක් ගතවෙනවා. නමුත් ඇපල් සමාගම එවැනි නිර්මාණයක් පිළිබඳව අදහස් පළකරත් එය මේ වන තෙක් වෙළඳ පොලට පැමිණ නෑ. පසු ගිය දා පැවති උත්සවයේදී නව Macbook එකත් සමගින් නව ඇපල් වොච් එකත් හඳුන්වා දෙනු ලැබුවා
. අප්‍රේල් 24වනදා සිට මෙය අලෙවි වීමට නියමිතයි. මෙම ඔරලෝසුව ඇපල් iPhone එකක් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිලගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් e-mail පරික්ෂා කර බැලීම, Siri හා සම්බන්ධ වීම, කෝල් ආන්සර් කිරීම, ව්‍යායාම හා සම්බන්ධ app , වගේම Instagram සම්බන්ධය ඇතුළු තවත් දේ කිරීමට හැකියාව තිබෙනවා


මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා.Watch sport , Watch සහ Watch Edition යනු ඒ මාදිලි 3යි.
ඇලුමිනියම් Sport Edition ඔරලෝසුවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්. ඒකෙ ප්‍රමාණ 2ක් තියනවා. මිලිමීටර 38 හා 42. 42mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මලනොබැදෙන වානේ (stainless steel) වලින් හදල තියන Watch කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන් ආරම්භ වන්නේ ඩොලර් 549න්. ඩොලර් 1099ක් දක්වා එහි මිලගණන් විචලනය වෙනවා. මේ ඔරලෝසු කාණ්ඩ අතරින් මිල අධිකම කාණ්ඩය වන්නේ කැරට් 18 රත්‍රන් වලින් කරලා තියන Apple Watch Gold Editon එක. එහි මිලගණන් ඩොලර් 10,000හේ සිට 17,000 දක්වා විචලනය වෙනවා. මෙම එක් එක් කාණ්ඩයට අයත් ඔරලෝසු සඳහා විවිධ මාදිලියේ පටි තෝරාගැනීමට ඔබට ඉඩ ලැබෙන අතරම ඒ සඳහා විවිධ මිලගණන් ද ගෙවීමට සිදු වනවා. ඔරලෝසුව රිචාර්ජබල් බැටරියකින් සමන්විත අතර සම්පුර්ණ චාර්ජ් කිරීමකින් පසුව සාමාන්‍යයෙන් පැය 18ක් පමණ භාවිතා කල හැකි බව ඇපල් සමාගම් ප්‍රධානි Tim Cook මහතා ප්‍රකාශ කර සිටිනවා.


තවද මෙම බැටරිය චුම්භක ප්‍රේරණය හරහා චාර්ජ් වන ලෙස නිර්මාණය කර තිබේ.

ඇපල් Watch වල මිලගණන් අනෙක් වර්ග වල Smart watch වලට සාපේක්ෂව බොහෝ සෙයින් ඉහල නිසා පාරිභෝගිකයන් මේ පිළිබඳව නොයෙක් මත පල කරනවා. අපි බලමු ඉදිරි මාස කිහිපය තුල මේ ඔරලෝසු ලොව පුරා කෙසේ අලෙවි වෙයිද කියලා.





0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න