Ads 468x60px

Sunday, July 19, 2015

වසර 9කට අධික කාලයක් පුරා ගමන් කිරීමෙන් පසු New Horizons යානය ප්ලුටෝ ග්‍රහයා වෙත ලඟාවෙයි.

NASA ආයතනය ප්‍රකාශ කර සිටියා. ඇමෙරිකාවේ වේලාවෙන් අඟහරුවාදා උදෑසන 6.49ට තමයි යානය ප්ලූටෝට ඉතාමත් සමීප වුනේ. මේ ගමනාන්තයට ළඟාවීමට හැතැප්ම බිලියන 3ක දුරක් වසර 9 හමාරක කාලයක් පුරාවට ගමන් කිරීමට යානයට සිද්ධ වුණා. මේ යානය ගුවන් ගත කෙරුනේ පසුගිය 2006 වසරේදීයි.යානය මේ වනවිට ග්‍රහයාගේ ඡායාරූප ලබාගැනීම ආරම්භ කර තිබෙන අතර මේවා දැකගැනීම සඳහා අපට තව පය කිහිපයක් බලාසිටීමට සිදුවනවා.

මෙතරම් දුරක් මේ යානය ගමන් කලේ පැයට හැතැප්ම 30,000ක් වේගයකින්. මේ යානය ලබාගන්නා ඡායාරූප පෘථිවියට ලැබීමට යම් කාලයක් ගතවන අතර පය කිහිපයකට ඉහතදී ලබාගත් සමීප ඡායාරූපයක් මේ වන වොට NASA ආයතනය අන්තර්ජාලයට එක කර තිබේ. මෙය ලෝක ඉතිහාසයේ සුවිශේෂී දිනයක් ලෙස සටහන් වනු ඇත. ප්ලූටෝ ග්‍රහයා වෙත මේ යානය ලඟා වීමත් සමඟම අපේ ග්‍රහමණ්ඩලයේ ඇති සියලුම ග්‍රහලෝක වලට යානා යැවීමට සමත්වූ පළමු රට ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ඉතිහාසයට එක්වනවා.
යානය විසින් ලබාගත් නවතම ඡායාරූපය
මේ අතර ලැබෙන ආරංචි මාර්ග වලට අනුව මේ ග්‍රහයා බලාපොරොත්තු වූවාට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බව දැනගන්නට ලැබෙනවා. එය රත් පැහැයෙන් යුක්ත බව පැවසෙනවා.
මේ සමඟ ම මිනිසා අභ්‍යාවකාශය සිසාරා යන ගමනේ නවතම මංසලකුණක් සටහන් වූ වගයි.
————————————————————————————————————————
NASA ආයතනය මගින් 2006 වසරේදී පිටත් අභ්‍යාවකාශගත කෙරුණු New Horizons යානය ඉතා වේගයෙන් අභ්‍යාවකාශය හරහා ගමන් කරන්නට විය. 2007 වසරේදී එය බ්‍රහස්පති ග්‍රහයා පසු කර යෑමට සමත්වුණු අතර විද්‍යාඥයන් ගණන් බලා තිබෙන ආකාරයට 2015 ජුලි මස එනම් වසර 9කට පමණ පසු ප්ලූටෝ ග්‍රහයාට ලඟා වනවා. මේ සඳහා දැනට ලබාදෙන නිශ්චිත දිනය වන්නේ 14වනදා යි.
මේ යානය මේ ප්‍රදේශයට ලඟා වත්ම මේ වනවිටත් හබල් දුරේක්ෂය මගින් යානය ඉලක්ක කලයුතු ප්‍රදේශ කිහිපයක්ම හඳුනාගෙන තිබේ. ප්ලූටෝ ග්‍රහයා හා ග්‍රහයාට අදාළ චන්ද්‍රයන් පරික්ෂා කිරීමේ සාර්ථකත්වය මත ඉදිරි වැඩකටයුතු සැලසුම් කෙරෙනු ඇත.
මේ යානය පෘථිවියෙන් ඈතට ම ගමන් කර ඇති යානා වලින් 5 වන යානය වන අතර මෙවැනි විශාල දුරක් ගමන් කර ඇති යානා වන්නේ Pioneer 10 , Pioneer 11, Voyager 1 සහ Voyager 2 යන යානා පමණි. ප්ලූටෝ ග්‍රහයා පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 3ක් පමණ ඔබ්බෙන් පිහිටා ඇති අතර මේ නිසාම හිරුඑළිය ලැබීමේ ඉඩකඩ අඩු වන අතරම යානයේ උපකරණ අවලට අවශ්‍ය ශක්තිය සපයා ගැනීම සඳහා විශේෂ බැටරියක් සවිකොට තිබෙනවා. මෙය න්‍යෂ්ටික බලයෙන් පණගැන්වෙනවා. මෙහි විවිධ දියුණු තාක්ෂණික මෙවලම් වර්ග 7ක් පමණ අන්තර්ගත කර තිබෙන අතර පෘථිවියෙන් යවන පණිවිඩයක් යානයට ලන්ගාවිම සඳහා පැය 4.5 ක පමණ කාලයක් ගතවනවා. මෙම යානයේ තවත් එක විශේෂත්වයක් නම් 1930 වසරේදී මේ ග්‍රහයා සොයාගත් Clyde Tombaugh ගගනගාමියා ගේ මිනී අළු ස්වල්පයක් ද මේ යානය සමඟ ඔහු සිහිවීම පිණිස පිටත් කර හැරීමයි. කෙසේ නමුත් මේ යානය වසර 9කට පසු සියලු බාධක මැඩගෙන ගමනාන්තයට ලඟා වීම පිළිබඳව නාසා ආයතනයේ ව්‍යාපෘතිය බාර නිලධාරින් ඇතුළු කාර්යමණ්ඩලයේ සියලු දෙනාම ඉතාමත් සතුටින් පසුවෙනවා.
ළඟදීම අපිට මේ ගැන වැඩිවිස්තර දැනගන්න ලැබෙයි.




0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න