Ads 468x60px

Saturday, July 25, 2015

මේ ත්‍රිමාණ ලෝකයට පිවිසෙන්නට කාලයයි. හඳුන්වාදෙන Microsoft HoloLens

අප අවට පරිසරය දෙසට මොහොතක් ඔබේ දෑස් යොමුකර බලන්න. බැලු බැලු අත ඔබට දිස්වන්නේ තාක්ෂණයේ දියුණුවයි. දියුණු වන තාක්ෂණික ලෝකයේ ඊළඟ පියවර දැන් අප හමුවේ තිබේ. Microsoft සමාගම විසින් මුළු ලෝකයම මීට දශක ගණනාවකටම පෙර සිට බලාපොරොත්තුවෙන් සිටි ඒ නිර්මාණය පසුගිය බදාදා (21/01/2015) මුළු ලොවටම එළිදැක්වූවා. එම විශිෂ්ට නිර්මාණය හඳුන්වනු ලබන්නේ HoloLens (හොලෝ ලෙන්ස්) යන නමිනි. මුලික වශයෙන්ම මෙය හොලෝග්‍රැෆික් කන්නාඩි යුගලයකි. මෙය පැළඳ සිටින පුද්ගලය හට තමා අවට පරිසරය තුල ත්‍රිමාණ ලෝකයක් මවාගෙන එහි තුල කටයුතු කරන්නට ඉඩ සැලසෙනවා. අපට අවශ්‍ය බොහෝ දෑ ත්‍රිමාණ අවකාශයේ නිදහසේ ගොඩනැගීමට මෙමගින් අවස්ථාව සලසා දෙනවා. මෙය ඔබ චිත්‍රපටවල දැක ඇතුවාට සැක නැත. වයර් රහිත මෙම උපකරණය ප්‍රොසෙසරයක් , ග්‍රැෆික් චිපයක් සහ හොලොග්‍රෑම් ප්‍රොසෙසරයකින් සමන්විත වේ. එය ඔබගේ ජංගම දුරකතනයට හෝ පරිගණකයට සම්බන්ධ කලයුතු නොවේ. එය සංඥ මගින් හෝ කටහඬ මගින් පාලනය කල හැක. ඊට අමතරව ඇසේ චලන මගින්ද මෙය පාලනය කල හැක. මෙය කලකට ඉහතදී Google සමගම විසින් නිපැදවූ Google Glass එකට වඩා ඉදිරියෙන් සිටියි. ගූගල් සමාගම නිෂ්පාදනය කල උපැස් යුවලේ ඇති කුඩා තිරය වෙනුවට හොලෝලෙන්ස් එක මගින් අප ජීවත් වන පරිසරය තුලම ත්‍රිමාණ රූප මැවීමට සමත් වෙයි. තවද මෙම උපැස් යුවල මගින්ම සිනමාහලක මෙන් ශබ්දය ද අත්විඳිය හැක.
මෙම හොලොලෙන්ස් උපාංගය වින්ඩෝස් 10 (Windows 10) යටතේ පාලනය වෙයි. මෙම හේතුව නිසා ඉදිරියේදී ඔබගේ windows මෘදුකාංගයේ ඇති අනෙකුත් වැඩසටහන් ද ත්‍රිමාණ හොලෝග්‍රැම් ආකාරයකින් දැකබලා ගත හැක. මෙම උපකරණය පැළඳීමෙන් පසු මාධ්‍යවේදියකු කියා සිටියේ තමන් එම උපකරණය තුලින් අඟහරු ග්‍රහයාගේ මතුපිට සැබැවින්ම දැකබලා ගත්තාක් මෙන් දැනුනු බවයි. එය ඉවත් කිරීමට කිසිසේත්ම නොසිතුනු බවයි.
මෙම උපාංගය තවමත් වෙළඳ පොලට නිකුත් කර නොමැති අතර මෙම වසර අවසන් වීමට පෙර Windows 10 පාලන පද්ධතිය වෙළඳපොළට මුදාහැරීමෙන් අනතුරුව මෙම උපකරණය අලෙවියට සුදානම් වන බව වාර්තා වේ. මෙය වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු වලට විශාල දායකත්වයක් ලබා දෙන බවට අපේක්ෂා කෙරේ. මෙම උපකරණය අනාගත ලෝකයේ නව පෙරලියක් ඇති කරනු නොඅනුමානයි

        MICROSOFT සමාගම විසින් HOLOLENSE එලි දැක්වීම

MICROSOFT සමාගමේ HOLOLENSE හඳුන්වා දීමේ වීඩියෝ පටය

                                         
             


0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න