
මේ චිපය මගින් සංඥා හඳුනා ගැනෙන අතර භාවිත කරන්නන් හට දොරවල් විවෘත කිරීමට, තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබා දීමට මෙන්ම ෆොටෝ කොපි යන්ත්‍ර පනගැන්වීම සඳහා ද යොදාගත හැක. චිපය වී ඇටයක ප්‍රමාණයෙන් පවතී.
මෙම චිපය තමාට අවශ්‍ය නම් පමණක් සවිකරගත හැකි අතර එය නිෂ්පාදනය කල සමාගම පවසා සිටින්නේ එසේ කිරීමෙන් කිසිඳු අතුරු ආබාධයක් නොමැති බවයි.
මේ තාක්ෂනය අනාගතයේදී ඔබ ගනුදෙනු කරන රහස් අංකය හෝ කේතය වෙනුවට භාවිතා කිරීමට අවස්තාව සලසා දෙනු ඇත. එමෙන්ම බොහෝ විට සෞඛ්‍ය අංශයේ ඔබගේ තොරතුරු ඔබේ වෛද්‍යවරයා හට ලබා දීමට ද භාවිතා කල හැක. තමන් භාවිත කරන චිපයට වෙනත් පාර්ශ්වයකට ඇතුළුවීමට නම් තමාට අදාළ කේතය ඔවුනට ලබා දීමට සිදු වන නිසා තමන් කැමති පුද්ගලයන් අතර පමණක් මෙම චිපය භාවිතා වනු ඇත. එබැවින් ඔබේ චිපය භාවිත කරන ආකාරය මුළුමනින්ම ඔබට බාර වනු ඇත.
0 comments:
Post a Comment