Ads 468x60px

Sunday, July 19, 2015

ලොව සිහින්ම විදුලි බුබුල ග්‍රැෆින් වලින් නිර්මාණය කෙරේ.

පර්යේෂකයන් කණ්ඩායමක් විසින් අඩු බලශක්තියක් යටතේ දැල්විය හැකි විදුලි බුබුලක් නිර්මාණයක් කර තිබෙනවා. කාබන් වල බහු රූපයක් ලෙස සැලකෙන graphene (ග්‍රැෆින්) තුලින් ධාරාවක් යැවීමෙන් මේ අත්හදා බැලීම සිදුකර ඇති අතර එය ලොව සිහින්ම විදුලි බුබුල බවටත් පත්වෙනවා.

නැනෝ තාක්ෂණය උපයෝගී වන මේ ආලෝක මූලාශ්‍රය නිර්මාණය කිරීමට Columbia විශ්වවිද්‍යාලය, Seoul ජාතික විශ්වවිද්‍යාලය , සහ කොරියානු විද්‍යා හා තත්ව පර්යේෂණ ආයතනයේ දායකත්වය ලැබී තිබෙනවා. කාබන් වල ඉතා ශක්තිමත් බහු රූපයක් (allotrope ) වන graphene වලට ඉලෙක්ට්ට්‍රෝඩ් දෙකක් සවිකර එතුලින් ධාරාවක් යවා මේ ආලෝකය උත්පාදනය කර තිබෙනවා.

මේ නව තාක්ෂනය මගින් අනාගත ලෝකයේ ඇති වන බලශක්ති අරබුදයට හොඳ පිලියමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කිරීමට පුළුවන්. මේ කණ්ඩායම පවසන අන්දමට මිනිස් කෙස් ගසකට වඩා සිහින් graphene කෑල්ලක් අධික උෂ්ණත්ව වලට රත්කිරිම මගින් මිනිස් ඇසට හසුවන පරාසයේ ආලෝකයක් නිපදවීමට හැකිවේ. මේ පර්යේෂණ තවමත් මුලික අධියරේ පැවතුනත් තවත් කලකින් මුළු ලොවම ආලෝකමත් කිරීමට හැකි වන බවට ඔවුන් තුල විශ්වාසයක් පවතියි.

මිට අමතරව Graphene වල ඇති සවිමත්බව සහ නම්‍යශිලිතාව උපයෝගීකරගෙන optical drives සහ පරිගණක චිප නිෂ්පාදන කිරීමට ද හැකියාවක් පවතියි. මේ අතර Graphene වානේ (steel) වලට වඩා 200 ගුණයක් සවිමත් අතර නම්‍යශීලී තිර නිෂ්පාදන කිරීම සඳහාත් දිගු ආයු කාලයක් සහිත බැටරි නිෂ්පාදන කිරීම සඳහාත් යොදා ගැනීමට හැකියාව පවතියි.


0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න