Ads 468x60px

Monday, June 29, 2015

ඇමෙරිකානු නාවික හමුදාව ගිනි නිවන රොබෝ කෙනෙක් නිර්මාණය කරයි.

ඇමෙරිකානු නාවික හමුදාව පසුගිය සතියේ ස්වයංක්‍රියව පාලනය වන SAFFiR නම් රොබෝගේ අනුරුවක් එළිදක්වන ලදී. SAFFiR යන්නෙන් අදහස් වන්නේ Shipboard Autonomous Firefighting Robot යන්නයි. ඒ කියන්නේ නැවක ස්වයංක්‍රියව ගිනි නිවන රොබෝ යන අර්ථයයි. මෙය මීට කලින් අවස්ථාවක එලි දක්වන විට ඇළුමිනියම් බඳකට කකුල් දෙකක් හයි කරපු උපකරණයක් වගේ පෙනුනත් දැන් නම් අපේ කාලයේ ගිනි නිවන බටයකුට සමාන පෙනුමක් ලැබී තිබෙනවා. 
අඩි 5යි අඟල් 10ක් උස මේ රොබෝ රාත්තල් 143ක් බරයි. මේ පිළිබඳව අදහස් දක්වන නාවික පර්යේෂණ ආයතනයේ කළමනාකරු ලෙස කටයුතු කරන තෝමස් මැක් කෙන(ර්) මහතා කියා සිටියේ ” අපි මහන්සි වෙන්නේ මනුෂ්‍යයෙකුට සමාන ,නැව තුල එහා මෙහා යා හැකි, දොරවල් විවෘත කල හැකි, ජල නල හැසිරවිය හැකි ආකාරයෙන් මෙය නිර්මාණය කිරීමටයි. ඒ වගේම මෙයාට දුම තුලින් ගමන් කල හැකි පරිදි සංවේදක සවි කරලා තියෙන්නේ” යනුවෙනි. මෙය නිෂ්පාදනය කිරීමේ දීර්ග කාලින අරමුණ ලෙස දැක්වෙන්නේ ගිනිනිවීමට මහන්සි ගන්න නාවික බටයින් ඍජුවම ගින්දරට නිරාවරණ වීමෙන් ඇති වන අනතුරු අවම කරගැනීමට බවයි.මෙම රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කර තිබෙන්නේ Virginia Tech ආයතනයේ පර්යේෂකයන් පිරිසක් විසිනි. මෙම යන්ත්‍රය සතු අධෝරක්ත සංවේදක (Infrared stereovision sensors) වලින් සහ භ්‍රමණය වන ලේසර් මගින් දුම තුලින් ගමන් කිරීමට හැකියාව ලබා දෙනවා. තනිවම සිට ගැනීමට තරමක් අපහසු වුනත් ගිනි නිවන ජල බටයක් රැගෙන නිශ්චිත පියවර තැබීමට රොබෝට පුළුවන්. දැනට මේ සියල්ල මානව විධාන යටතේ ක්‍රියාත්මක වෙයි.පසුගිය නොවැම්බර් මාසයේ සිදු කෙරුණු පෙර පරීක්ෂණයකදී කුඩා ඩ්‍රෝනයක ආධාරයෙන් ගින්න පවතින ප්‍රදේශය සහ තවත් විස්තර අනාවරණය කර රොබෝ යන්ත්‍රයට ලබා දීම පිළිබඳව අත්හදා බලා තිබේ.
නාවික හමුදාවේ මීළඟ අභිප්‍රාය වන්නේ මෙම යන්ත්‍රය සතු සංවේදක වැඩි දියුණු කර වේගවත් ව හා නැණවත් ක්‍රියාකරන මට්ටමකට දියුණු කිරීමයි.
ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ මිනිසුන් හා රොබෝ යන්ත්‍ර එකට වැඩ කරන බලඇණියක් නිර්මාණය කිරීමටයි

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න