Ads 468x60px

Sunday, January 17, 2016

මේ විනෝද උයන ක්‍රියාකරන්නේ තනිකරම මිනිස් බලයෙන්

ලෝකයේ ගොඩක් රටවල් වල තියන සතුටු උයන් වල කතුරු ඔන්චිල්ලා, කැරකෙන පිරිසි , සහ තවත් යන්ත්‍ර බොහොමයක් ක්‍රියාකරන්නේ විදුලි බලයෙන්. ඒත් ඉතාලියේ වෙනිස් නගරයේ, තියන Ai Pioppi කියන සතුටු උයනේ නැත්තම් පාර්ක් එකේ තියන උපකරණ තරමක් වෙනස් වෙනවා.
ඒ මොකද ඒ සියල්ලම ක්‍රියාකරන්නේ මිනිස් බලයෙන් හින්දා. අපි ලබාදෙන ශක්ති ප්‍රමාණයට අනුව මේ යන්ත්‍ර ක්‍රියාකරනවා. මේක හදලා තියෙන්නේ Bruno (බෘනෝ) කියන පුද්ගලයා. ඔහුට මේක ඉදි කරන්න අවුරුදු 40 ක වගේ කාලයක් ගත වෙලා තියනවා. ඉතාලියේ නිවාඩුවක් ගත කරන්න යන ඕගොල්ලෝ මේ සතුටු උයන නරඹන්න යන්න අමතක කරන්න එපා.

Mr. Bruno

මේක මිනිස් බලයෙන් ක්‍රියාකරනවා කියන්නේ මොකක්ද? මෙතන තියන යන්ත්‍ර බොහොමයක් ක්‍රියාත්මක වෙන්නේ අපේ චාලක ශක්තිය මගින්. මේ වීඩියෝ පටයේ සිටින තරුණයා බයිසිකල් පැඩලය පදින ආකාරයත් ඒ සමගම යන්ත්‍රය ක්‍රියාකරන ආකාරයත් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන්.

නමුත් මේ යන්ත්‍ර භාවිතා කිරීම ඉතාමත් කල්පනාකාරීව සිදු කරන්න ඕනේ. කුඩා දරුවන් එහෙම මෙතනට අරගෙන එනවා නම් දරුවන් ගැන දැඩි අවධානයෙන් සිටීම වැදගත්. උද්‍යානයේ තියන ගොඩක් දේවල් ලෝහ වලින් නිර්මාණය කරලා තියන නිසා අනතුරු වෙන්න තියන ඉඩ කඩ ලොකු පොඩි සෑම දෙනාටම එක සේ වලංගුයි.

මෙතන සතියේ දවස්වලටයි සහිත කාලයටයි වහල කියලත් දැනගන්න ලැබෙනවා. ඒක හින්දා මේක බලන්න යනවනම් ඇරලා තියන කාලෙක යන්නත් මතක තියාගන්න.


0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න