Ads 468x60px

Monday, April 20, 2015

වේගයෙන් පැතිරයන ඇන්ඩ්‍රොයිඩ්

Punsadaweb.blogspot.com
ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් හි දිනපතා වෙළදාම ලක්ෂ දෙක පනී.....
දැන් ස්මාට් ෆෝන් මාදිලි ගණනාවක් තිබුණත් ඒවායේ දුවන මෙහෙයුම් පද්ධති තිබෙන්නේ කීපයකි. ඒවා අතරින් මුලටම සිටින්නේ ඇන්ඩ්‍රොයිඩ් ය. මේ වන විට සෑම දිනයකදීම ඇන්ඩ්‍රායිඩ් සහිත ස්මාට් ෆෝන් ලක්ෂ දෙකක් අලුතින් භාවිතයට ගැනේ. එය ලෝක වාර්තාවකි.
             
ඇන්ඩ්‍රොයිඩ් ( Android ) යනු දැන් ලොව තිබෙන ස්මාට් ෆෝන් වලින් සියයට තිස් තුනක් ම දුවන මෙහෙයුම් පද්ධතියයි. බ්ලැක් බෙරි ඕ එස් දෙවෙනි තැන සිටින්නේ වෙළද පොළ පංගුවෙන් සියයට විසි අටක් අල්ලා ගනිමිනි. අයි ෆෝන් සමග එන අයි ඕ එස් හි වෙළද පොළ පංගුව සියයට විසි දෙකකි.

                                  ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මොබයිල් උපාංග සේ ගැනෙනෙ ස්මාට් ෆෝන්, ටැබ්ලට් පීසී සහ නෝට් බුක් සදහා තිබෙන හොදම මෙහෙයුම් පද්ධතිය බව මේ ජනප්‍රිය කම අපට පෙන්වා දේ. ලිනක්ස් කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහන පදනම ලෙස ගෙන ඇන්ඩ්‍රොයිඩ් දැන් තිබෙන තැනට දියුණු කළේ ගූගල් සමාගම විසිනි. ගූගල් සමාගම මෙය ඉදිරිපත් කරන්නේ ඕපන් සෝස් මෘදුකාංගයක් ලෙසය.

                                  ඇන්ඩ්‍රොයිඩ් කියා හැදින් වූ කුඩා මෘදුකාංග සමාගමක් 2005 දී ගූගල් සමාගම විසින් මිල දී ගන්නා ලදී. ඒ සමගම එහි මුල් අයිතිකරුවෙකු වූ ඇන්ඩි රූබින් ද ගූගල් සමාගමේ සේවයට ආවේය. ගූගල් සමාගම වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් දියුණු කිරීමේ කටයුත්ත බාරවුණේ ඔහුටය. දැන් ඔහු ගූගල් සමාගමේ උප සභාපතිවරයෙකු වන ඇන්ඩි රූබින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ලෝක ව්‍යාප්තිය ගැන ඉලක්කම් හෙලි කර තිබුණි.

                                   දිනපතා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති දෙලක්ෂයක් අලුතින් ක්‍රියාත්මක කරන්නේය යනු එක් ඉලක්කමකි.  අද වන විට වෙලද නාම 60 ක් යටතේ ඇන්ඩ්‍රොයිඩ් උපාංග වෙළද පොළට නිකුත් කෙරේ.

                                    ලෝකයේ රටවල් 48ක දුරකතන සන්නිවේදන සමාගම් 59ක් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට සහයෝගය දෙන පැකේජ ඉදිරිපත් කරයි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සමග සහයෝගයෙන් වැඩ කරන ඇප්ලිකේෂන් 150000 ක් පමණ අද වන විට තිබේ. මේවා සියල්ල දියුණු කරමින් සිටින මෘදුකාංග සංවර්ධන ශිල්පීන් ගණන 180000 කි. මෙතරම් සෙනගක් වැඩ කරන්නේ ගූගල් සමාගමට නොවේ. සැබවින් ම අද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යනු ප්‍රජාව විසින් දියුණු කරන මෙහෙයුම් පද්ධතියකි. එහි කේත සටහන් මිලියන 12 ක් ගූගල් සමාගම විසින් ප්‍රසිද්ධ කරන ලද්දේ 2008 ඔක්තොම්බරයේය. ඒ සමගම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට සහයෝගය දෙමින් එය බෙදා හරින්නට අලුත් එකමුතුවක් ගොඩ නැගිණි. එය ඕපන් හෑන්ඩිසෙට් එලායන්ස් කියා හදුන්වන ලොව ප්‍රමුඛ තාක්ෂණ සමාගම් 71 ක් නියෝජනය කරන ආයතනයකි.

                                    ඕපන් හෑන්ඩිසෙට් එලායන්ස් මගින් ඇන්ඩ්‍රොයිඩ් සදහා ප්‍රමිති සාදයි. එය බෙදා හරී. එයට ගැළපෙන සේ තාක්ෂණික මෙවලම් නිපදවයි. එහෙත් ගූගල් වෙත ඇති වෙළද බැදීම එසේම තිබේ. ඇන්ඩ්‍රොයිඩ් වෙළදාමෙන් ගූගල් වෙත ලාභ ලැබේ. ගූගල් සමාගමට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගය ගූගල් සර්ච් එන්ජිමයි. එයට දෙවැනිව ගූගල් සමාගම වෙත මහා ආදායමක් ගෙන එන අනෙක් මාර්ගය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි.

                                    ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් හි නිර්මාතෘවරයා වන්නේ ඇන්ඩි රූබිය.
Punsadaweb.blogspot.com









වටිනා දේවල් ඹබට නොමිලේම ලබාදෙන punsada web iu. tl;= jkak jï mi my; Join This Site u;  click  lrන්න
          

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න