Ads 468x60px

Tuesday, April 28, 2015

ජාන තාක්ෂණයෙන් බිහි කෙරුනු කහට නොබැදෙන ඇපල්

ඇමෙරිකානු කෘෂිකාර්මික
දෙපාර්තමේන්තුව විසින්
 ජාන තාක්ෂණය භාවිතයෙන්
නිෂ්පාදනය කෙරුණු නව
ඇපල් ප්‍රභේද දෙකකට
අනුමැතිය දී තිබෙනවා.
මෙම අපල වර්ග දෙකේ විශේෂත්වය වන්නේ වාතයට නිරාවරණය වීමෙන් පසුව කහට බැඳීමට ලක් නොවීමයි. Arctic Granny සහ Arctic Golden යන ප්‍රභේද දෙකට මෙසේ අනුමැතිය ලැබී ඇති අතර ඒ සමගම මෙම ඇපල් වාණිජ මට්ටමෙන් වගා කිරීමට අවසර ලැබෙනවා.

Okanagan Specialty Fruits නම් කුඩා කැනේඩියානු සමාගමකින් මෙම ඇපල් වර්ග හඳුන්වා දී තිබේ. මෙම ඇපල් වගා කර විකිණිම වෙනුවට ගොවිපලවල් වලට ලියාපදිංචිය ලබාදී මෙය වගාකිරීමට ඉඩසලසා දීමට සමාගම කටයුතු කරනවා. මෙම සමාගම් ප්‍රධානි Neal Carter මහතා පවසා සිටියේ තවදුරටත් ඇපල් පෙති කපා එහි නැවුම් බව සුරැකීමට රසායනික වර්ග එක කිරීමට අවශ්‍ය නොවන බවයි. ” දැනට ඇපල් පෙති කපලා අසුරුවාම මුළු වියදමෙන් 35% – 40% ක් පමණ යන්නේ ප්‍රතිඔක්සිකාරක වලට. එක හින්දා මේ නව ඇපල් විශේෂය හින්දා වියදම 30% කින් වගේ අඩු කරගන්න පුළුවන් වෙනවා.” යැයි ඔහු පැවසිය. Okanagan සමාගම මෙම බලපත්‍රය ගොවිපලවල් වලට අලෙවි කරන්නේ ඇපල් ගස් අක්කරයකට ඩොලර් 1500ක් බැගිනි.
අනෙක් ඇපල් විශේෂ මෙන්ම මෙම ඇපල් වර්ගයත් පැසී නරක වීමට ලක්වන මුත් එය සිදුවන වේගය සාපේක්ෂව අවම මට්ටමක පවතී. මෙහිදී සිදු කර ඇත්තේ ඇපල් දුඹුරු පහ ගැන්වීමට හේතුවන එන්සයිමය වන polyphenol oxidase එන්සයිමයේ නිෂ්පාදන වේගය අඩාල කිරීමකි. මෙම ඇපල් වර්ගය මගින් කිසිඳු බලපෑමක් අවට ඇති වගාවන්ට හෝ සත්වයන්ට සිදු නොවන බවත් පරිසරයට කිසිඳු බලපෑමක් ඇති නොකරන බවත් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
නමුත් මෙම ඇපල් වර්ගය වෙළඳ පොලට එන්නට නම් තවත් වසර කිහිපයක් ගතවෙයි. ඒ මොකද කියනවනම් Okanagan සමාගම විසින් අවට ගොවිපලවල් වලට මෙම නව ප්‍රභේදය ගැන දැනුවත් කරලා ඔවුන් අතරට මේක රැගෙන යන්න ඕන හින්දා. ඒ අතරම ඇතැම් රටවල් වල ජාන තාක්ෂණයෙන් නිමවෙන ආහාර වර්ග වලට එතරම් කැමැත්තක් නැති හින්දත් මෙහි ව්‍යාප්තියට තරමක් බාධාවක් වෙන්නත් පුළුවන්. මොනවා වුනත් නුදුරු අනාගතයේදී අපිටත් මෙවැනි ඇපල් ගෙඩියක රස බලන්න පුළුවන් දවසක් උදාවෙයි.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න