Ads 468x60px

Thursday, March 19, 2015

DESKTOP එක ලස්සන කරගන්න RAINMETER

DESKTOPඑකලස්සන කරගන්න RAINMETER


 මෙතනින් ඉන්ස්ටෝල් කරන එක මහා දෙයක් නෙමෙයිනේ. ඒක නිසා ඉන්ස්ටෝල් කරන විදිහ දාන්නේ නැහැ. එතන ඉදල ඉදිරියට කරන විදිහ දාන්නම්..

*ඉන්ස්ටෝල් උනාම මුලින්ම මේ විදිහේ ගැජට් ටිකක් Desktop එකට වැටෙයි.



*ඒකෙන් අවශ්‍ය ටික තියාගෙන අනිත් එව්වා අයින් කරගන්න. (Header එකේ රයිට් ක්ලික් කරලා Unload Skin දෙන්න.)



පියවර 1 
ටාස්ක්බාර් එකේ තියන අයිකන් එකෙන් Rainmeter එක Restore කරගන්න.


*ඒක ගත්තම රේන්මීටර් මැනේජර් එක එයි. මුලින්ම ඇත්තේ එක ස්කින් පැක් එකයි.. 




පියවර 2 
පලවෙනි කොටසෙ තිබ්බ ස්කින් පැක් ටික දැන් ඉන්ස්ටෝල් කරගන්න..
ඉන්ස්ටෝල් කරද්දී ඔය පහල තියන ටික් එක දාල තිබ්බොත් මේ ඉන්ස්ටෝල් කරන ස්කින් පැක් එකේ සෙටින් වලට අදාළ Layout එක හැදෙයි. Rainmeter එකේ Default ස්කින් පැක් එකෙන් එකපාරක්වත් විජට් Add කරලා නැත්තම් ඔය ටික එක දැම්මට අවුලක් නැහැ. හැබැයි ඔයාල මේක ඉන්ස්ටෝල් කරන්න කලින් අර Default ස්කින් පැක් එකෙන් විජට් මොනවහරි මේ වෙද්දීත් Desktop එකට දාගෙන තියනවනම් ඔය ටික් එක දාන්න එපා..




*දැන් ඔයාලා දාගත්ත ස්කින් පැක් ටික මේ විදිහට පෙන්නයි.



පියවර 3 
දැන් ඔය දාල තියන ස්කින් පැක් ටික පොඩ්ඩක් Expand කරලා බලන්න එව්වා ඇතුලේ ඇති .ini ෆෝමැට් එකේ ෆයිල්ස්. එව්වා ඩබල් ක්ලික් කරලා හරි නැත්තම් ක්ලික් කරලා Load දීල බලන්න. එතකොට ඒ විජට් Desktop එකට Add වෙයි. ඕනනම් එතැනින්ම Unload කරන්නත් පුළුවන්.



ඔය විදිහට ඔයාලට ඕන විජට් Load කරන්නත් Unload කරන්නත් පුළුවන්.. ආහ්හ්හ් .. තව ටිකෙන් අමතක වෙනවා.. මේ මේ ඔය විජට් ඔක්කොම Drag and Drop කරන්න පුළුවන් ඈ......
---------------------------------------------------------------------------------‍ෙ

*ඔයාලට තව කොස්සක් හිටි. ඒ තමයි ඔය විජට් හරහා ක්ලික් වෙන්නේ නැති එක.  එක නිසා ඕකටත් ටොපියක් තියනවා..

විජට් එක උඩ Right Click කරලා Manage Skin යන්න.



එතකොට Rainmeter Manager එක එයි. ඔය පහලින් තියන Click Through කියන Chechbox එකට ටික් එකක් දාන්න. වැඩේ හරි...


ගැටළුවක් තියේනම් හිතේ තියන් ඉන්නේ නැතුව අහන්න...

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න