Ads 468x60px

Thursday, March 19, 2015

"ANDROID ROOT කිරීම යනු" පරිසමාප්ත අර්ථ දැක්වීම


ඔන්න එහෙනම් අදත් තවත් කුප්පියක් දාන්න හදන්නේ.. අද ඉදන් ඉදිරියට Android Rooting / Custom Rom ගැනත් ටිකක් කතාකර න්න තමයි හිතන් ඉන්නේ.. 
අද තමා ඔන්න මුලින්ම පටන්ගන්නේ.. නොදන්නා අයට ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ Root කරනවා කියන්නේ කියලා..
Root කරනවා කියන්නේ ඉතින් Android උපාංගයේ සම්පූර්ණ බලය අපි අතට ගන්නවා කියන එක තමයි.. මොකද අලුතින් ගන්න Android උපාංගයේ සම්පූර්ණ බලය අපිට නැහැ.. තව ටිකක් පැහැදිලි වෙයි පහල තියන ටික බැලුවාම..

Root කිරීමේ වාසි

*Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම
*යම්තාක් දුරට ක්‍රියාකාරිත්වය වැඩි වීම 
*Super User බලතල ලැබීම
*කලින් නොහැකි වූ සියලුම මෘදුකාංග ස්ථාපනය කරවීමේ හැකියාව 
*නවතම Android මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරිමේ හැකියාව 
*System එක තුල අවශ්‍ය සියලුම වෙනස්කම් සිදුකිරීමේ හැකියාව
*මෘදුකාංග සිත්සේ බාහිර මතක චිපයට ස්ථාපනය කල හැකි වීම
*Themes, Calenders වැනිදේ සංස්කරණය කිරීමේ හැකියාව
*බැටරි ආයු කාලය සහ බලය වැඩි වීම
*Boot Screen සහ Animation වෙනස් කිරීමේ ඇති හැකියාව
*නිල නොවන Android සංස්කරණ ස්ථාපනය කිරීමේ හැකියාව


Root කිරීමේ අවාසි

*උපාංගයේ වගකීම් කාලය අහෝසි වීම
*සමහර උපාංග වලට නිල යාවත්කාලීන හැකියාව නැතිවී යාම
*නොගැලපෙන ස්ථිරාංග(Firmware) දැමීමෙන් උපාංගයේ වේගය අඩු වීම
*උපාංගය නිවැරදිව Root නොකලොත් අනවශ්‍ය පරිදි ක්‍රියාකාරකම් සිදුවීම(ඔබගේ අනුදැනුමකින් තොරව)

.............මෙහි අඩංගු නොවූ කරුණුද ඇත.............

Android සංස්කරණ වල පරිනාමනය 



Android 1.0 
Android 1.5 (Cupcake)
Android 1.6 (Donut)
Android 2.0/2.1 (Eclair)
Android 2.2 (Froyo)
Android 2.3 (Gingerbread)
Android 3.0 (Honeycomb)
Android 4.0 (Ice Cream Sandwich)
Android 4.1 (Jelly Bean)





තවද ඔබගේ Android උපාංගය නිසිපරිදි Root නොකිරීමෙන් එය "BRICK" යන තත්වයට, එනම් කිසිවක් කල නොහැකි තත්වයට පත්වීමට පවා ඉඩකඩ ඇත. 

එමනිසා ඔබ Android සදහා නවකයෙක්නම් Root කිරීමේදී ඔබ එය නිසිපරිදි කරන්නේද යන්න පිලිබදව මනා අවබෝධයකින් යුතුව මෙය සිදුකරන්න. 

ඉදිරියේදී විවිධ Android උපාංග Root කිරීම හා නිල නොවන සංස්කරණ (Custom Rom) ස්ථාපනය කිරීම පිලිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තුවක් තිබේ. එමනිසා ඔබට යම් උපාංගයක් Root කිරීම හෝ ඒ ආශ්‍රිතව දැනගැනීමට අවශ්‍යනම් එහි මාදිලිය සමග කමෙන්ටුවක් යොදන්න.. එවිට එම උපාංගය ආශ්‍රිත තොරතුරු අප විසින් ලබාදීමට කටයුතු කල හැක..


ඉක්මනටම තවත් අලුත් කුප්පියකින් හමුවෙමු..

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න