Ads 468x60px

Thursday, August 18, 2016

මේ අලුත්ම විදියේ ප්‍රතිකර්මය විඳගන්න ඔබත් කැමති ද ?

ඉපැරණි චීන වේද ක්‍රම සැබවින්ම පුදුමසහගතයි. එවැනි එක ක්‍රමයක් තමයි කටු චිකිත්සාව. මේ කටු චිකිත්සා ක්‍රමය ලංකාවෙත් භාවිතා වෙනවා කියල ඕගොල්ලෝ දන්නවා ඇතිනේ. සමහරු ඒ ප්‍රතික්කර කරනවා දැකලත් ඇති. මේ ක්‍රමයට එකතු වන අලුත්ම ක්‍රමයක් තමයි විත් ඇදීමේ ක්‍රමය. (cupping therapy) කපින්(ග්) තෙරපි කියල හඳුන්වන මේ ක්‍රමය තරමක් අමුතු ක්‍රමයක් කිව්වොත් නිවැරදි යි.
මේ ක්‍රමය චීනයේ සියවස් ගණනාවක් පුරාවට භාවිතා වෙලා තියෙනවා. ඒ වගේම මේ ක්‍රමය පිලිබඳ බොහෝ දෙනෙකුගේ හොඳ විශ්වාසයකුත් තියනවා. මාංශ පේශි වල වේදනා සමනය කරගැනීමට මේ ක්‍රමය භාවිතා කරන බව පැවසෙනවා. දීර්ග කාලයක් පුරාවට පැවති වේදනා වලට පවා මෙම ක්‍රමය තුලින් යම් සහනයක් ලබා දීමට හැකි වන බවටත් පැවසෙනවා. මේ ක්‍රමයේ ඇති අනෙක් සුවිශේෂතාව වන්නේ කිසිඳු ඖෂධ වර්ගයක් පානය කිරීමට සිදු නොවන නිසා මේ ක්‍රමයෙන් ඇති විය හැකි අතුරු පල නොමැති වීමයි. මේ හේතුව නිසාම මේ ක්‍රමය කෙරෙහි පුද්ගලයන් වැඩි වශයෙන් ආකර්ෂණය වන ස්වභාවයක් දැකගන්නට ලැබෙනවා.

මේ ක්‍රමය භාවිතා කරන්නන් යෝජනා කරන අන්දමට මෙම ක්‍රමයෙන් උපරිම පල නෙලාගැනීමට නම් මේ සමඟ කටු චිකිත්සා ක්‍රමයත් භාවිතා කල යුතුයි. මේ ක්‍රමය ඔබටත් නුදුරු අනාගතයේ දී අත්හදා බැලීමට අවස්තාව සැලසෙනු ඇති අපි විශ්වාස කරනවා. මේ සඳහා අවශ්‍ය උපකරණ කට්ටලයක් ඔබට ලබාගැනීමට හැකි වුනත් නිවසේදී මෙවැනි දෙයක් අත්හදා බැලීමෙන් වැලකීම හා ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබාගැනීම සුදුසු යයි යෝජනා කරන්නට කැමතියි.
මේ ක්‍රමය චීනය තුල කෙතරම් ප්‍රචලිත දැයි කියනවානම් විදී වල පවා මෙම ප්‍රතිකර්මය සිදුකෙරෙන ආකාරය දැකගන්නට පුළුවන්.
                                                             

1 comments:

nalaniebacker said...

Borgata Hotel Casino & Spa Announces 2022 Games
MGM Grand Casino & Spa is launching a new gaming and entertainment venue 1xbet 먹튀 inside 이천 출장마사지 the MGM Grand Casino & Spa 충청북도 출장샵 in Atlantic City. The Feb 19, 2022New Year's Eve PartyFeb 19, 2022Golden GirlsFeb 속초 출장마사지 19, 2022Golden Girls 평택 출장마사지

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න