Ads 468x60px

Friday, July 22, 2016

Mitsubishi සමාගමෙන් පාවෙන තිරයක්

චිත්‍රපට නරඹන ඔබට නිදහස් අවකාශයේ මැවෙන ත්‍රිමාණ රූපරාමු අලුත් දෙයක් නොවන බව අපි දන්නවා. ඉතින් මෙවැනි තාක්ෂණයක් Mitsubishi සමාගම නිර්මාණය කරමින් පවතිනවා. මේ අපූරු කටයුත්ත ඔවුන් ආරම්භ කර තිබෙන්නේ 2020 Tokyo Olympic උළෙල සඳහායි.

මේ කටයුත්ත සඳහා ඔවුන් දෙයාකාරයක තාක්ෂණික මෙවලම් භාවිතා කරනවා. කදම්භ වෙන් කිරීමේ උපකරණයක් වගේම (beam splitter) ආලෝකය පැමිණෙන දිශාවටම පරිවර්තනය කරන තලයක් මේ අතර වනවා. (retro-reflective sheet). කදම්බ වෙන්කිරීමේ උපකරණය මගින් පරාවර්තිත කිරණ මෙන්ම සම්ප්‍රේෂණය වන කිරන ලෙස ෆෝටෝන කදම්බය වෙන්කරනවා. මේ කිරණ වලට යටින් තිරයක් තැබීමෙන් මේ ආලෝක කිරණ සියල්ල එක් තැනකට යොමුකර හිස් අවකාශයේ ත්‍රිමාණ ප්‍රතිබිම්භයක් ගොඩනැගෙනවා.

Mitsubishi සමාගම විශේෂ මෘදුකාංගයක් භාවිතා කරමින් හිස් අවකාශයේ අඟල් 56ක ප්‍රතිබිම්භයක් නිර්මාණය කිරීමට උපාංග ස්ථාපනය කලයුතු ආකාරය පිළිබඳව සොයාබැලීමක් ද සිදුකර තිබෙනවා. සමාගම පවසන ආකාරයට ඇතැම් පුද්ගලයන්ට මේ ප්‍රතිබිම්භය ඇති වන නිශ්චිත ස්ථානය සොයාගැනීමට නොහැකි වීමට ඉඩ තිබෙනවා. ඒ නිසාම රූපරාමු නිසියාකාරව නැරඹීම සඳහා උපදෙස් මාලාවක් ද අසල ඇති තිරයක පෙන්වීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
මේ තාක්ෂණය 2020 වසරේදී වානිජකරණයට ලක් කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා. කෙසේ නමුත් මෙහි ආකෘතියක් ළඟදීම අපට දැකගන්නට ලැබෙයි.

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න