Ads 468x60px

Wednesday, June 15, 2016

කෘතීම ලෙස සැකසුනු ස්නායු පද්ධතියක් මිනිස් භාෂා හැසිරවීමට හුරු කෙරේ

මිනිස් මොළය නිර්මාණය වෙලා තියෙන්නේ නියුරෝන බිලියන 86කින්. ඔව්. ඒ කියන්නේ ඉතාමත් විශාල නියුරෝන සංඛ්‍යාවක්. පූසෙක් ගේ මොලයේ නියුරෝන මිලියන 760ක් වගේම ගෙම්බෙකුගේ මොලයේ නියුරෝන 16 කුත් තියනවා. කෘතීම බුද්ධිය පිළිබඳව පර්යේෂණ පවත්වන එංගලන්තයේ සහ ඉතාලියේ පර්යේෂකයන් පිරිසක් කෘතීම මොළයක් සකසා තිබෙනවා.
මේ කෘතීම මොලයේ කැරපොත්තන්ට, පොකිරිස්සන්ට වගේම මී මැස්සන්ටත් වඩා නියුරෝන මිලියන දෙකක් අන්තර්ගත වනවා. ඔවුන් උත්සාහ දරන්නේ මේ ඇසුරෙන් කතා කිරීමට හැකි පද්ධතියක් ගොඩනැගීමයි.
මේ කෘතීම මොලය ඔවුන් නම් කර ඇත්තේ ANNABELL(ඇනබෙල්) ලෙසටයි. එහි අර්ථය වන්නේ Artificial Neural Network with Adaptive Behavior Exploited for Language Learning යන අරුතයි. මේ ඇසුරෙන් පර්යේෂණ සිදුකෙරෙන්නේ මිනිසාගේ මොලය භාෂා වටහාගැනීම සහ හේතු දැක්වීම යන සංකීර්ණ ක්‍රියාවලි සඳහා හැඩගැසෙන ආකාරය පිළිබඳව අවබෝධ කරගැනීමයි. මේ නිසා මේ සිද්ධාන්තය වටහාගැනීම සඳහා ඇනබෙල් ට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන්නේ මිනිසුන් සමඟ සන්නිවේදනයේ යෙදීමෙන් පමණයි. එසේ නොමැතිව කලින් ඇතුලත් කල දැනුම් ගබඩාවක් එය සතුව නැත.
මේ ස්නායු ජාලය ඉගෙන ගන්නා ආකාර දෙකකි. synaptic plasticity හෙවත් ස්නායු දෙකක් එකවර සක්‍රීය වන වාර ගණන අනුව ඒ අතර සන්නිවේදනය කාර්යක්ෂම වීම සහ neural gating හෙවත් ස්නායු වලට විටක සක්‍රීයව පවතී විටෙක නිශේධනය වී පැවතීමට ඇති හැකියාව (on/off switches මෙන්) මේ දෙයාකාරයි.
මේ දෙයාකාරයට අනුව මේ මොලයේ ආකෘතිය සන්නිවේදන තරංග එහාමෙහා යාම පාලනය කරමින් මොලයේ විවිධ ප්‍රදේශ වලට තොරතුරු ගලායාම පාලනය කරනවා. ANNABELL හට වචන සහ වාක්‍ය වලින් පිරි දත්ත ගබඩාවක් ඇතුලත් කල පසු එයට විවිධ මාතෘකා යටතේ ලබාදුන් ප්‍රශ්න වලට අනුව 82% – 95% අතර නිවැරදිතාවයකින් පිළිතුරු දීමට හැකි වූ බව ආරංචි වෙනවා. Discover නම් සඟරාවට අනුව ඇනබෙල් ගේ ප්‍රතිචාර දැක්වීම මිනිසෙකුට සමාන බව පැවසෙනවා. නමුත් සැබෑ මිනිසෙකුට සමකිරීමට නම් මේ ව්‍යාපෘතියට තවත් බොහෝ දුරක් යාමට තිබෙනවා.
කණ්ඩායමේ මීළඟ සැලැස්ම වන්නේ මේ පද්ධතිය රොබෝවෙකු තුලට ඇතුලත් කර එයට ලෝකය තුල ජිවත් වීමට ඉඩලබා දී එතුලින් එම අත්දැකීම් තුලින් මේ virtual (තාත්වික ප්‍රායක්) මොලයට වර්ධනය වීමට ඉඩලබා දීමයි. අපිට අනාගතයේදී චිත්‍රපටි වල දැකගන්න ලැබෙන ආකාරයේ බුද්ධිමත් රොබෝලා දැකගන්න ලැබෙයි කියල මේවගේ දේවල් අහද්දී හිතෙනවා නේද ? Chappie (චැපී) චිත්‍රපටය නරඹලා ඇති නේ. එකෙත් ඉන්නේ මේ වගේම තාක්ෂණයකින් නිර්මාණය කෙරෙන රොබෝවෙක් නේ ද ? රොබෝලා කවදා හරි මිනිසුන්වත් අභිභවා ඉදිරියට යයි දෝ කියන ප්‍රශ්ණයත් මේ වෙලාවේ මගේ සිතට මෙන්ම ඔබේ සිතටත් හැඟෙනවා ද ?

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න