මේ පිරිස නිර්මාණය කල DNA උපාංගයෙන් HIV-1 ජානය DNA වලින් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හැකි වුණා. එය ඉවත් කිරීමෙන් අනතුරුව සෛලයේ ජාන ප්‍රතිසංස්කරණ පද්ධතියෙන් ජෙනෝම යේ විවෘත කෙළවරවල් දෙක එකිනෙකට යා කෙරෙනවා. එමගින් වයිරසයෙන් මිදුණු නිරෝගී සෛලයක් ඇතිවනවා.

මෙය AIDS රෝගයට පිළියම් සොයමින් යන ගමනේ වැදගත් පියවරක් බව මේ සම්බන්ධව කටයුතු කරන විශ්වවිද්‍යායේ ස්නායු විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය කමෙල් කලීල්
(Kamel Khalili) මහතා පවසනවා.
(Kamel Khalili) මහතා පවසනවා.
මේ පර්යේෂණයෙන් පැහැදිලි වන ආකාරයට මෙය එන්නතක් ලෙසත් ලබාදීමේ හැකියාවක් පවතී. මේ නව nuclease-RNA සංයෝගය අන්තර්ගත සෛල වලට HIV ආසාදනය වීමේ හැකියාවක් නොමැති බවත් පෙනීයනවා. නමුත් මෙය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස රෝගීන් අතරට යාමට තවමත් සුදානම් නෑ. එයට ප්‍රධාන බාධකය වී තිබෙන්නේ මේ ක්‍රමය මගින් HIV ජානය සිරුරෙන් ඉවත් කිරීමට නම් HIV ආසාදනය වූ සෑම සෛලයකටම මේ ප්‍රතිකාරය ලබා දියයුතු වීමයි. එමෙන් ම තවත් ගැටළුවක් වන්නේ මෙය වයිරසයක් වන බැවින් එයට නිශ්චිත ව්‍යුහයක් නොමැති වීමයි. එම නිසා මේ ප්‍රතිකාර ක්‍රමය එක් එක් පුද්ගලයාට විශේශිකරණයට ලක් කිරීමට වීමේ අවශ්‍යතාවක් ද පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් කාලයත් සමඟ මේ සඳහා කදිම විසඳුමක් අප වෙතෙට ගෙනෙන තුරු බලා සිටීමට අපට සිදුවනු ඇත.
අවදානමට පෙර සූදානම යන වැකියත් තමාගේ හැසිරීම් රටාව නිසියාකාරව පවත්වාගෙන යාමටත් සිහි තබාගතහොත් ඔබට මේ ආසාදන තත්ත්ව වලින් වටිනා ජීවිතය විනාශ කර නොගෙන අපුරු ජිවිතයක් ගතකිරීමට මග පෑදෙනු ඇත.
0 comments:
Post a Comment