ඉතින් මේ වාහන වල එන විදුරු බිඳීමකට ලක්වෙද්දී මොනවගේ දෙයක් වෙනවා ද කියලා තමයි අපි ඔයගොල්ලොන්ට කියලා දෙන්න හදන්නේ. මෙවැනි විදුරු බිඳීමට ලක්වන ආකාරය තත්පරයට රූපරාමු 20,000ක් තරම් සෙමින් සිදුවන ආකාරය පටිගත කර මේ වීඩියෝ පටය නිර්මාණය කර
තිබේ.
වාහන වල වර්ග දෙකක විදුරු අන්තර්ගත වනවා. වාහනේ ඉදිරිපස ප්‍රධාන වීදුරුව එක වර්ගයකිනුත් ඉතිරි ජනෙල් සියල්ල වෙනත් විදුරු වර්ගයකිනුත් නිර්මාණය කර තිබෙනවා. මේ වර්ග දෙක annealed විදුරු සහ Tempered විදුරු ලෙස හඳුන්වනවා. Annealed වර්ගයේ විදුරු භාවිතා කෙරෙන්නේ වාහනයේ ඉදිරිපස ප්‍රධාන වීදුරුව නිර්මාණය කිරීමටයි. ඒ වගේම ජනෙල් නිර්මාණය කිරීම සඳහා ටෙම්පර්ඩ් වර්ගයේ විදුරු යොදාගන්නවා.
මේ විදුරු වර්ග නිර්මාණය කිරීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ වාහනයේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවයි. මෙවැනි විදුරු අපි සාමානයෙන් භාවිතා කරන විදුරු ආකාරයෙන් කැඩී ගියොත් අනතුරෙන් මියයාමට වඩා විදුරු වලට කැපී මියයාමට සිදුවනු ඇත. එම නිසා මේ විදුරු නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය වැදගත් වෙන්ව. වාහන වල ඉදිරිපස වීදුරුවට හානියක් සිද්ධවුනත් වීදුරුවේ පිපිරිම ඇතැම් විට ඇතුල් පැත්තට ගමන් නොකරයි. ඒ වගේම එහි කැබලි වෙන්වී යාම වැලැක්වීමට එය සිහින් පටලයකින් ආවරණය වී තිබෙනවා. ඒ වගේම මෙවැනි විදුරු වලට මිටියකින් පහරදීමේදී කුමක් සිදුවන්නේ ද ? ඒ ගැනත් ඔයගොල්ලොන්ට බලාගන්න පුළුවන්.
මේ අපුරු නිර්මාණාත්මක වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ ඩෙස්ටින්. ඔහු මෙවැනි අපුරු විද්‍යාත්මක සිදුවීම් පැහැදිලි කරන පුද්ගලයෙක්. විදුරු නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ දී ඒ තුල විශාල ආතති බලයක් ගබඩා වනවා. මෙය Prince Rupert’s Drop එකක් වැනිය. මේ ලිපියේ සමහර විද්‍යාත්මක වචන ඔබට පැහැදිලි නොවන බව අපි දන්නවා. නමුත් මේ කාරණා සියල්ල ඔබට මේ වීඩියෝ පටය නැරඹීමෙන් යම්තාක් දුරකට පැහැදිලි කරගැනීමට හැකි වේ යැයි අපි සිතනවා.
රූපට් බිඳුවක් වීදුරු වලින් නිර්මාණය වී තිබුනත් එය වානේ වලටත් වඩා ශක්තිමත් ලු. සිරා නේද?
0 comments:
Post a Comment