මේ නව තාක්ෂනය ඔවුන් මේ වසර පුරාවට ස්වීඩනයේ Sunfleet සමාගම සමඟ අත්හදා බැලීමට කටයුතු යොදා තිබෙනවා. මේ වර්ගයේ මෝටර් රථ සීමිත ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඒ සඳහා Tesla මෝටර් රථ වලට වැනි ජංගම දුරකතනය ඔස්සේ ක්‍රියාකරවිය හැකි පහසුකම ලබාදීමට සමාගම අපේක්ෂා කරනවා. මේ නව ක්‍රමය App එකක් ඔස්සේ පාලනය වන නිසා මෙවැනි වාහන යතුරු අනෙක් පුද්ගලයන් සමඟ බෙදාහදා ගැනීමේ අවස්තාවක් ද සැලසෙනවා.
මේ නව තාක්ෂණික ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණක් වන්නේ පාරිභෝගිකයන්ට යතුරක් ලබා දීමෙන් වැලකීම නොව මේ ක්‍රමවේදය සමඟ කෙතරම් සමීපව ක්‍රියා කරන්නේ දැයි අධ්‍යනය කිරීමයි. මේ නිසාම අනාගත ලෝකයේ බොහෝ වෙනස්කම් ඇති කිරීමට හැකියාව ලැබෙනු ඇත. ස්වයංක්‍රියව ධාවනය වන මෝටර් රථ තවදුරටත් එකම ස්ථානයක රැඳී නොසිට එය වෙනත් කටයුතු සඳහා භාවිතා කිරීමේ හැකියාව මෙමගින් සැලසීමට පුළුවන්. මේ නව ක්‍රමය මගින් ඔබගේ වාහනයේ යතුර ඉතා පහසුවෙන් අවශ්‍ය කාලයක දී ලබාදීමට ඉඩ සැලසෙනු ඇත. ඒ වගේම අනාගත ලෝකයේ නව පෙරලියක් ඇති කිරීමට මෙය සමත්වනු ඇත. අපේ එදිනෙදා කටයුතු කරගැනීමට මහන්සි වියයුතු තරම බෙහෙවින් අවම වනු ඇත.
0 comments:
Post a Comment